( එච්. චන්දන )
විල්පත්තුමායිමේ ඇති පළුලහතුරේ ප්‍රදේශයේ ධීවර රැකියවේ නියැළුණු ධීවරයකුගේ හය හැවිරිදි දරුවකු දිවියකු සපාකැමෙන් තුවාල ලබා ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර තිබේ.
කල්පිටියේ පදිංචිකරුවන් මොවුන් මේ දිනවල පාසල්ද නිවාඩු නිසා ධීවර රැකියාවට සිය පවුලම පළුලහතුරේ ප්‍රදේශයට ගොස් තිබේ.
පවුලේ 05 දෙනාම පැල්පත් තුල එකට නිදාගෙන සිටින විට තම දරුවාට දිවියා සපා කා , තුවාල කර පලා යන ආකාරය පියා දුටු බව දරුවාගේ මව පැවසුවාය.
අද 09 දා අලුයම 1.30 පමණ දිවියා මෙම දරුවාව සපාකා තුවාල සිදු කර ඇති අතර එතනින් බොට්ටුවකින් කල්පිටිය රෝහලට පැමිණි බවත් වැඩිදුර ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට එවා ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අර විල්පත්තුව සුද්ද කරපු එකා !
දිට්ඨධම්ම වේදනීය කම්ම... විල්පත්තු සුද්ද කරපු කෙනාට කොරෝනා හැදිලාලු.
අනේ මේ දරු පැටියා ඉක්මනට සුවපත් වේවා !
පව් කළාම පඩිසන් දෙනවා..
අයියෝ මේ දරුවා මේ තරමින් බේරුනා ඇති. දිවිය කරන්නේ බෙල්ලට පැනල බෙල්ලෙන් අල්ලාගෙන ඇදගෙන යන එක. එක තත්පර ගානයි යන්නේ. පව් මේ දරුවාට ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
අනේ මේ දරු පැටියා ඉක්මනට සුවපත් වේවා !!!