(ජයන්ත සමරකෝන්)
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කොස්ගොඩ තාරක නැමැත්තා එම බන්ධනාගාරයේ රඳවා සිටි කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ සමීපතම ගෝලයෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
බන්ධනාගාර ‘අයි‘ වාට්ටුවේ අධි ආරක්ෂිතව සිටින කොස්ගොඩ තාරක නැමැත්තා එම වාට්ටුව පසුකර ගොස් ‘සී‘ වාට්ටුවේ රඳවා සිටි හර්ෂ නැමැත්තාට මෙලෙස පහරදී ඇති බව පරීක්ෂණ වලදී හෙළි වී තිබේ.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළදී පුද්ගලයෙකුට විෂ ද්‍රව්‍යයක් සහිත සිරින්ජරයකින් ඇන ඝාතනය කිරීමට ගත් උත්සාහයක් සම්බන්ධයෙන් මෙම පහරදීම සිදුකර ඇතැයි සඳහන් වේ.
මෙම සිරින්ජරයේ සිද්ධිය පිළිබඳව බොරැල්ල පොලිසියට කළ පැමිණිල්ලකට අනුව අධිකරණයේ නඩුවක් විභාග වන බවද වාර්තා වේ.
අදාල පහරදීමේ සිද්ධියෙන් පසු කොස්ගොඩ තාරක සහ ඔහුගේ සොහොයුරෙකු සහ තවත් තිදෙනෙකු බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර යැවීමට පියවර ගනු ලැබූවද කොස්ගොඩ තාරක සහ ඔහුගේ සොහොයුරා මේ වන තෙක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන බවද දැනගන්නට තිබේ.

COMMENTS
කෝ මේ අලුත් සුභ අනාගතේ මේකද?... නීතියේ ආධිපත්තිය...
මේ ගොල්ලන්ටත් සඟවපු අපි පෙන්නන්න කියන්න තියෙන්නේ..
එල්ලුම් ගහට තව කඹයක් ගෙන්වමුද ?
මොනවද මේ විකාර කතා. හිරේ ඉඳන් චන්ඩිකම් පෙන්නනේ ජෙලර්ලගේ උදව් මත.