(ඩී.ජී.සුගතපාල )
අක්මීමණ ප්‍රාදේශිය සභාවේ උප සභාපති නොවැම්බර් 12 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (29) නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අක්මීමණ ප්‍රාදේශිය සභාවේ උපසභාපතිවරයා ලෙස පත් වු ආන්ඩවත්ත කංකානම්ගේ සුගත් නැමැත්තාය.
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ රියදුරකු ලෙස සේවය කරන ඔහු රාජකාරී ස්ථානයට අයත් වෑන් රථයක රුපියල් 147984 ක් වටිනා ස්ටාටර් මෝටරය ගලවාගෙන යාම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.
කාර්මික දෝෂයක් නිසා ගාල්ල ඉහල ඩික්සන් පාර ගරාජයේ ගාල්කර තිබු වෑන් රථයක ස්ටාටර් මෝටරය සොරකම් කිරිම සම්බන්ධයෙන් සැකකරු අත් අඩංගුවට ගෙන පොදු දේපල පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.