IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පුත්තලම රෝහලේ කණිෂ්ඨ සේවකයෝත් වැඩවරති


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පුත්තලම  දිස්ත්‍රික් රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අද(24)   සිදුකරන වැඩ වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතු සම්පූර්ණයෙන් බිඳ වැටී ඇති බව පුත්තලම නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.
 
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පවසා සිටියේ පුත්තලම දිස්ත්‍රික්කයේ මූලික රෝහල් 4ක හා දිස්ත්‍රික් රෝහල් එකක් ඇතුළුව රෝහල් 46 ක කටයුතු මෙම කණිෂ්ඨ කාර්ය මංඩලයේ වැඩ වර්ජනය හේතුවෙන් සම්පුර්ළුයෙන් අඩාල වී ඇති බවයි.
 
කණිෂ්ඨ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනය හේතුවෙන් අඩාල වු රෝහල කටයුතු පවත්වාගෙන යාමට යුද හමුදාවේ 16 වන ගජබා රේජීමේන්තුවේ නිලධාරින් 10දෙනා බැගින් මාරවිල, හලාවත හා පුත්තලම රෝහල් කටයුතු පවත්වාගෙන යාමට ලබා දී තිබු බව යුද හමුදාව පවසයි.
 
කෙසේ නමුත් කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ වැඩ වර්ජනය හේතුවෙන් රෝහල්වල  නේවාසික රෝගීන්ට ලබා දෙන ආහාරවේල පවා සපයා ගැනීමට රෝහල් බලධාරින්ට නොහැකි වී ඇත. මේ නිසා පිටස්තර ස්ථාන වලින් ආහාර සපයා ගැනීමට කටයුතු කරන බව රෝහල් කිපයක අධ්‍යක්ෂකවරු පැවසූහ.
 
වැඩ වර්ජනය හේතුවෙන් බාහිර ප්‍රතිකාර සම්පුර්ණයෙන් අඩාල වී තිබු අතර හදිසි ප්‍රතිකාර පමණක් සිදුවෙන බව සෞඛ්‍ය අංශ පවසයි.



අදහස් (0)

පුත්තලම රෝහලේ කණිෂ්ඨ සේවකයෝත් වැඩවරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 64 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 345 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site