(බන්ධුල ඉලෙපෙරුම)
ශ්‍රී ලංකා පාකිස්ථාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව සභාපතිවරයා ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා නිතරඟයෙන් පත්විය.
එම සංගමයේ උප සභාපතිවරුන් ලෙස රවුෆ් හකීම්, අරවින්ද කුමාර් සහ මොහොමඩ් මුසම්මිල් යන මන්ත්‍රීවරුන් තේරී පත් වූ අතර ලේකම් ධුරයට පත්වූයේ රිෂාඩ් බදුර්දීන්ය.
මෙම පත් කිරීම් සිදු වුයේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ආරාධනයෙන් පාර්ලිමේන්තුවේදි පැවැති පාකිස්ථාන, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ රැස්වීමේදීය .
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සහ ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් ජෙනරාල් මොහොමඩ් සාද් කටාක් මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල පිරිසක් සහභාගි වූහ.
මෙහිදී අදහස් දැක්වූ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය අගය කළ අතර මෙරට පාර්ලිමේන්තුවේත් , පාකිස්තාන පාර්ලිමේන්තුවේත් කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සාක්ෂරතාව වර්ධනය සඳහා අත්සන් කිරීමට නියමිත ද්විපාර්ශික ගිවිසුම සම්බන්ධයෙන්ද සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ සභාපති ධුරයට පත් වූ නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙරට වසර 30 කට අධික කාලයක් තුළ පැවති යුද්ධය අවසන් කිරීමට පකිස්ථානය දුන් සහයෝගය ඇගයීමට ලක්කරමින් පාකිස්ථානය ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරෙක් බව සඳහන් කළේය . එමෙන්ම මානව හිමිකම් කවුන්සලයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වන යෝජනා පරාජය කිරීමට පාකිස්ථානය දැක්වූ සහයෝගයටද හෙතෙම ස්තුති කළේය.
එමෙන්ම, පකිස්ථානය හා ඉන්දියාව අතර ඇති අර්බුද පැවති සමයේ පකිස්ථානය ගුවන්යානා වලට මෙරටේදී ඉන්ධන ලබාගැනීමට ශ්‍රී ලංකාව ගනු ලැබූ පියවර සිහිපත් කළ ඒ මහතා 1996 වර්ෂයේ දී පාකිස්ථානයේ ලාහෝර් නුවර දී පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමේ දී ශ්‍රී ලංකාවට පකිස්ථාන ක්‍රීඩාලෝලීන්ගෙන් ලැබුණු සහයෝගය සිහිපත් කළේය.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ පාකිස්ථාන මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර පවතින ද්විපාර්ශවික සහයෝගීතාව ඉතා ශක්තිමත් බවත් අග්‍රාමාත්‍ය ඉම්රන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය එම සහයෝගීතාවය වඩාත් ප්‍රවර්ධනය කිරීමට හේතු වන බවත් පෙන්වා දුන්නේය.
අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට
ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.
මැයි මස 12,13 සහ 14 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මස් මාංශ අලෙවි කිරීම න
ආණ්ඩුවේ නොහැකියාව නිසා අද වන වන විට පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයා යන දෙදෙනාම බැටකන තත්ත්වයට පත්වී තිබෙන බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩා
විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු
ශ්රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අමාත්‍ය නිමල් සිරිපාල ලංකා - පාකිස්ථාන මිත්‍රත්ව සංගමයේ නව සභාපති ධූරයට
siri Wednesday, 24 February 2021 01:42 PM
හොඳ සභාපති කෙනෙක් තමයි තෝරාගෙන තියෙන්නේ.... කොට්ට මෙට්ටත් ලබලා දුන්නා නම් තමයි වැඩේ සම්පූර්ණ....
fairoos Wednesday, 24 February 2021 02:26 PM
උප සභාපති සහ ලේකම් කවුද කියලා බලන්නකෝ... සර් නියමයි.
දිමුත් Thursday, 25 February 2021 06:24 AM
මේවායින් ඇති වැඩේ මොකක්ද?
kamal Thursday, 25 February 2021 09:01 AM
හා හා ... බලේ තියෙන කාලෙට බඹරෙ වැල්ලේ ගැහුවත් කැරකෙනවනේ... !!!