
( රොමේෂ් ධනුෂ්ක සිල්වා )
නව රජයේ බලශක්ති කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්වූ උදය ගම්මන්පිළ මහතා සිය ධුරයේ වැඩකටයුතු නිල වශයෙන් ඇරඹීම කොළඹ 7, ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවතේ පිහිටි බලශක්ති අමාත්‍යාංශයේ දී අද (17) සිදුකෙරිණි.
මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගැනීමෙන් පසුව අමාත්‍යවරයා සුබ මොහොතින් නිල ලිපියකට සිය අත්සන තබමින් රාජකාරි කටයුතු ආරම්භ කළේය.
එම අවස්ථාවට අමාත්‍යවරයාගේ පවුලේ ඥාතීන්, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජයන්ත සමරවීර සහ වෛද්‍ය සීතා අරඹේපොළ යන මහත්ම මහත්මීන් ද අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.



COMMENTS
ආ ඒකයි මේ රටේම විදුලිය නැත්තේ
නැකත හොඳයි. පුදනකොටම කාපි යකා. රටටම විදුලිය නැහැ.
නුල් බැදලා වැඩ පටන්ගන්න එක හොදයි, ඔන්න ලංකාවටම අද විදුලි ආලෝකය නැහැලු.
අනේකවිධ පාටපාට කැට ඉදිරියේ කිසිඳු මහජන නියෝජිතයකුගේ කැටයම් මෙන්ම නානාවිධ මෝස්තර කතා මින් ඉදිරියට අපට ඇසීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බැවින් කතාව අඩුකර තම තමන්ගේ වැඩකටයුතු මෙන්ම වගකීම්, යුතුකම් අවංකව ඉටුකරොත් එය ලංකාමාතාවට හොඳටම ඇති බැවින් එය පමණක් 225 ක්වූ සියලුම මහජන නියෝජිතයින් තම සිත්තුල හොඳින් මතක තියාගැනුම වඩාත් වැදගත් වේ. මක්නිසාදයත් අප සැමගේ දෙමාපියන් විශේෂයෙන් ආදරණීය අම්මලා ජීවිතේ අවසාන භාගයේ ජීවිතයෙන් සමුගත යුත්තේ හිත සැනසිල්ලෙන් මෙන්ම සතුටින්, සැහැල්ලුවෙන් බවත් දරුවන්ගේ නොහොඹිනා ජඩ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් ලෙස උදේ සවස ඒ ඒ අම්මලා හෙම්බිරිස්සාවට කොත්තමල්ලි, පස්පංගුව තම්බ තම්බා පානය කරමින් සිත්වේදනාවෙන් සිටියි නම් ඒ ඒ දරුවන් ජාතිජාතිත් පව් පුරව ගන්නා බව අමුතුවෙන්ම කිව යුතු නැත.. මෙම අදහස් දියවනාවේ 225ක්වූ සියලුම මහජන නියෝජිතයින්ට කිසිදු වචන වෙනසකින් තොරව කියවීමට හැකි වේවා යන්න අපගේ ප්‍රාර්ථනාවයි.
පන්සිල් අරන් පිරිත් නූල් බඳිනවා. අර අහිංසක මහළු ඕස්ට්‍රේලියානු ජාතිකයට මිලියන ගණන් වංචා කරපු නඩුවට මොකද දැන් වෙන්නේ..?
අලුත් නායකයා සමගම අලුත් විදුලිය.