(ඉන්දිකා රාමනායක)
රාජයේ සාම සාධක බළඇනියේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් කලණ අමුණුපුර මහතා මෙරටට ගෙන්වා ගැනීමට තීරණය කර ඇති බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශ බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම තීරණය ගත් බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශවරයා කියා සිටියේය.
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් 2016 වසරේ නම් කරන ලද නිර්දේශ අතුරින් කළණ අමුණුපුර මහතාගේ නම එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුමත කිරීමෙන් පසු ඒ මහතා සාම සාධක රාජකාරි සඳහා යොමු කළ බවද බි‍්‍රගේඩියර්වරයා කියා සිටියේය.

COMMENTS
මොකක්ද හේතුව මොහුව නැවත කැඳවන්න?
මේකනං ඉතා අසාධාරණයි. මුළු හමුදා බළඇනියම ආපහු කැඳවන්න ඕනෑ. විදේශ අමාත්‍යාංශයක් තියලා වැඩක් තියෙයිද? ජනාධිපතිගේ සහ අගමැතිගේ විදේශ සංචාරවල් නම් අඩුවක් නැහැ. ගිහින් ඇවිත් මුදල් නාස්තිකරලා මෙහෙ පම්බෝරි ගහනවා ඉතා සාර්ථක සංචාරයක්, ජාත්‍යන්තර අපිව පිළිගත්තා බවත්... දැන් තේරනවා අසාර්ථක සංචාරවල් බව...
මුළු හමුදාවම අපහු ගේනවා නම් ඉවරනේ... අපි මොකටද අනුන්ගේ රටවල තිබෙන යුද්ධවලට අපේ මිනිස්සු යවන්නේ? ඉස්සරහට කියන්න බැරි නැහැ මේ සාමසාධක රාජකාරිවල ඉන්න හමුදා සෙබළු එහෙදි යුධ අපරාධ කළ නිසා මුළු හමුදාවටම දඬුවම් කරන්න ඕනේ කියලා.. නිකන් ඉල්ලන් කන්නේ නැතුව ඉන්න එක හොඳ නැද්ද?