IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සුවදායී නින්දක වැදගත්කම

නින්ද යනු මිනිස් ශරීරයේ කායික සහ මානසික සුවතාව සඳහා අත්‍යවශය අංගයකි. සාමාන්‍යයෙන් පුද්ගලයකුගේ ජීවිත කාලයෙන් තුනෙන් එකක් වැය කරන්නේ නින්දටයි. පුද්ගලයකු දිනකට පැය 6ත් 10ත් අතර කාලයක් නිදා ගන්නා අතර එම පැය ගණන කෙනාගෙන් කෙනාට වෙනස් වේ. සුවදායී නින්දක් ලබා ගැනීම කායික මෙන්ම මානසික සුවතාව රැකීමටත් උදව් දේ. මිනිසාට දෛනිකව එම පැය ගණනේ නින්ද අත්‍යවශ්‍ය අතර මතක තැම්පත් වීම සිදු වන්නේත් මේ නින්දේදීයි. 

සුවදායී නින්ද නැති වීමෙන් සිරුරට වැළඳෙන රෝග ශරීරයට අත්‍යවශ්‍ය නින්ද අක්‍රමවත් වීම නිසා නින්දට සම්බන්ධ රෝග තත්ත්ව ගණනාවකි.

නින්ද සම්බන්ධ ශ්වසන අපහසුතා ඇතිවේ.

නින්ද වැඩිපුර යාම නිසා ඇතිවන රෝග තත්ත්ව

නින්ද ආශ්‍රිතව ඇතිවන චර්යාමය වෙනස්කම්

නින්ද පොඩ්ඩක්වත් නොයාම වැනි රෝග යනාදිය දැක්විය හැකියි.

නින්ද සම්බන්ධ ශ්වසන අපහසුතා

වයස්ගත මෙන්ම අධික තරබාරු පුද්ගලයන්ට නින්දේදී ඇතිවන ශ්වසන මාර්ගය අවහිර වීම හා සම්බන්ධ තත්ත්වයකි. මෙහිදී පුද්ගලයන් වැඩි වශයෙන් නින්දෙන් ගෙරවීම සිදු කරන අතර නින්දේ සිටියදීම හුස්ම ගැනීම තාවකාලිකව අක්‍රිය වීම පවා කිහිපවිටෙකදීම සිදුවේ. නින්දේදී ඇතිවන බාධාකාරී ශ්වසන තත්ත්වයක් ලෙස හැඳින් වෙන මෙයට නිසි ප්‍රතිකාර නොලද හොත් තත්ත්වය දරුණු වී අංශබාගය, අධික රුධිර පීඩනය, හෘදයාබාධ වැනි රෝග ගණනාවක්ම ඇති විය හැකිය. 

වැඩිපුර නින්ද යාම නිසා ඇතිවන රෝග තත්ත්ව

මෙහිදී සුදුසු නොවන අවස්ථාවකදී එක්වරම තද නින්දකට වැටීම සිදුවේ. අනෙකුත් රෝග ලක්ෂණ ලෙස එක්වරම කකුල් දෙක පණ නැතිව ඇද වැටීම, නින්දේදී එකවරම අතපය චලනය කළ නොහැකි වීම, නින්ද යාගෙන එද්දී හෝ අවදි වන විට අවට නොමැති කටහඩවල් ඇසීම ආදිය දැක්විය හැකියි. 

නින්ද ආශ්‍රිතව ඇතිවන චර්යාමය වෙනස්කම්

මීට රෝග වර්ග කිහිපයක් ඇතුළත් වේ. ඒවා නම් නින්දෙන් ඇවිදීම, නින්දේදී භීතිකාවට පත් වීම, නින්දේදීම මුත්‍ර පිටවීම යනාදියයි. එසේම නින්දේදී තම අතපය වේගයෙන් සෙළවීම ද මෙකී ඛාණ්ඩයටම අයත් වේ.

නින්දෙන් ඇවිදීම ගැන කතා කළොත් එහිදි පුද්ගලයා ඇස් ඇරගෙන ඇඳෙන් නැගිටීම තමා දුටු සිහිනය අනුව ක්‍රියා කිරීමට පෙළඹීම වැනි දෑ සිදු කරයි. මොවුහු මේ සියලුම ක්‍රියාකාරකම් ගැඹුරු නින්දේදී සිදු කරන අතර අවදි වූ විට මතකයේ කිසිවක් රඳා නොපවතී. 

නින්දේදී මුත්‍ර පිටවීමද සමහර වැඩිහිටි පුද්ගලයන් පවා අත්දකින දෙයකි. මෙම සියලුම තත්ත්ව සඳහා වෛද්‍ය විද්‍යාවේදී ඖෂධමය ප්‍රතිකාර සේම චර්යාමය ප්‍රතිකාරද පවතී. 

නින්දේදී කකුල් නිතරම වේගයෙන් චලනය වීම අනිකුත් වැදගත්  නින්ද සම්බන්ධ රෝගී තත්ත්වයයි. මෙය පුද්ගලයා කිසිදු අවබෝධයකින් තොරව සිදු කරන බැවින් බොහෝවිට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්නේ නින්ද නොයාම හා ඒ ආශ්‍රිත අපහසුතාවලටයි. ඔවුනගේ දෙපාවල නිරන්තරයෙන් අමුතු සංවේදන ඇති වන  අතර දෙපා සෙලවීමෙන් පමණක් සංවේදනවලින් යම් නිදහස් වීමක් අපේක්ෂා කළ හැකිය. 

ප්‍රමාණවත් පරිදි නින්දක් නැත්තේ ඇයි?

නින්ද සම්බන්ධ රෝගී තත්ත්ව ආදියෙන් සුලබමම රෝගයකි. නින්ද ආරම්භ කිරීමට අපහසු වීම හෝ නින්ද පවත්වා ගැනීමට අපහසු වීම මෙහි මූලාරම්භයයි. මෙවැනි පුද්ගලයන් සුලබ වශයෙන් රාත්‍රියේ විටින් විට නින්ද කැඩී අවදි වන අතර නිදා ගත නොහැකිව පසු තැවෙන පිරිසකි. මේ තත්ත්වය නිසා අතෘප්තකාරී නින්දක් ඇති වන අතර දහවල් කාලයේදී පවා විටින් විට නිදිමත නැති වීමටද ඉක්මනින් තරහ යාම ශරීරයේ තෙහෙට්ටුව,මතකය හා අවධානය පවත්වා ගැනීම අඩු වීම මෙන්ම දෛනික කටයුතු සාර්ථකව කරගෙන යාමට නොහැකි වීම මෙම සුවදායී නින්දක් නොලැබීමේ ශාරීරික සහ මානසික ප්‍රතිවිපාකයි.  

මේ තත්ත්වය මාස 03කට වඩා වැඩියෙන් පවතින්නේ  නම් එවන් අවස්ථාවලදී අප එය නිදන්ගත නින්ද යාමේ දුබලතාවක් ලෙස සලකා ප්‍රතිකාර ලබාදේ. ප්‍රමාණවත් පරිදි නින්ද නොයාමට හේතුව වන්නේ විෂාදය හෙවත් මානසික අවපීඩන තත්ත්වයක් විය හැකිය.  ප්‍රමාණවත් පරිදි නින්දක් නැති වීමෙන් දිවිතීක වශයෙන් මානසික අවපීඩනය කෙනෙකුට ඇති විය හැකියි.නින්ද නොයාම විෂාදය ඇති පුද්ගලයකුට සිය දිවි හානිකර ගැනීමට පවා අනුබල දීමක් විය හැකියි. 

ඒත් අප මතක තබා ගත යුතු කරුණ වන්නේ  විශාදය නොමැතිව පවා නින්ද නොයෑමේ තත්ත්වය සිරුර තුළ වර්ධනය විය හැකි බවයි. ඒ වගේම මනෝ වෛද්‍ය විද්‍යාවේ භාවිත කරන සමහර ඖෂධද නින්ද නොයාමේ තත්ත්වයට හේතු සාධක සපයයි. එබැවින් එම ඖෂධ දිගුකාලීන භාවිතය සඳහා සුදුසු නොවන අතර සති කිහිපයක් පමණ භාවිත කර වෛද්‍ය උපදෙස් මත නතර කිරීම වඩාත් සුදුසු වේ. 

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

සුවදායී නින්දක වැදගත්කම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site