(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන්ගේ ආරක්ෂාවේ යම් අඩුවීමක් සිදුවී ඇති බවට වාර්තා වන්නේ යැයි ද ඒ පිළිබඳ සොයා බැලීමක් සිදු කරන ලෙස ද සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
එහිදී නැඟී සිටි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවැසූයේ කාවින්ද ජයවර්ධන මහතා ප්‍රකාශය කරන තෙක් තමාට ඒ පිළිබඳව අවබෝධයක් නොතිබූ බවයි. කාදිනල් තුමන්ගේ ආරක්ෂාව පිළිබඳ කඩිනමින් සොයා බැලීමට කටයුතු කරන අතර, උන්වහන්සේට අවශ්‍ය ආරක්ෂාව ලබා දීමට ආණ්ඩු කිසිදු අවස්ථාවක පැකිලෙන්නේ නැති බවද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.කාදිනල් තුමන්ගේ ආරක්ෂාව පිළිබඳව අදම සොයා බලන බවද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
COMMENTS
කතෝලික ජනතාවගේ මුදලින් වෙඩි නොවදින වීදුරු කුඩුවක් හදලා දෙන්න. අපි මුකුත් කියන්නේ නැහැ.
එයාට ජේසුපිහිටයි ???
කාදිනල්ට මොකටද බෝල ආරක්ෂාව .සර්වබලදාරී දෙවියෝ ඉන්නේ .අම්බෝ මේක පුදුම ලෝකයක්
අනෙකුත් ආගමික නායකකාරකාදී උතුමාණන් වහනසේලාටත් මෙවැනිම ආරක්ෂාවක් ලැබෙනවද? කරැණාකරල දන්න උගත් ඇත්තෙකුට පන්හිද හසුරැවන්න ඇහැක් වෙයිද? ස්තුතියි.
එයාගේ ආරක්ෂාව ගැන බය වෙන්න දෙයක් නෑ NGO සල්ලි ඇතිවෙන්න කියනවා. පුද්ගලික ආරක්ෂක භටයෝ තියාගන්න ඔය රැට්ටා මැට්ටා ඩිලාන් වගේ ඈයොත් ඉන්නවානේ
දැන් අර මහමොළකරු හොයන එක අතැරලා දාලද? ගොඩක් කාලෙකින් මහමොළකරු ගැන කතා කරනවා ඇහුනේ නැහැ.