(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා ඛනිජ තෙල් තොග පර්යන්තය යන ආයතන දෙකේ ප්‍රධාන කටයුතු කීපයක් පිළිබඳව පරීක්‍ෂණයක් කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී.) පැමිණිල්ලක් කළ බව විදුලිබල හා බලශක්කි අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (18) පස්වරුවේ පැවසීය.
ඉන්ධන ලබාගැනීම, යෝජනා ඇගයීම, ඇණවුම් නොකිරීම, සැපයුම්කරුවන් තෝරාගැනීම සහ බෙදාහැරීමේ අක්‍රමිකතා යන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ඉල්ලා සිටි බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.
COMMENTS
හොඳ ප්‍රවණතාවක්. සුබ පතනවා ඔබතුමාට. හැබැයි මට තියන බය ඔබතුමා ඔහොම වැඩ කරන කොටු ඇතුලෙන්ම කැපිල්ලක් එයිද කියලා. මොකද අපේ එවුන්ට වැඩ කරන එවුන්ව පේන්න බැහැ. උන් ආස උන් වගේ ගොබ්බයන්ට.
කාංචන, ඔබ මේ සේවා ආයතන දෙකේ ඇමතිවරයා හෝ ව්‍යවසායකයා. ඔබට ඕනෑම අයථා පරිහරණයක්, දූෂණයක් විමර්ශනය කළ හැකිය. දැන් ඔබ වැඩි කලක් යන්නට පෙර බොර තෙල් ගේන්න. සාධාරණ ක්‍රියා පටිපාටි අනුගමනය කරමින් ඔබ ටෙන්ඩර් කැඳවා තිබේද? එම අදාළ ලියකියවිලි ඔබ භාරයේ තිබේද? විනිවිද භාවයක් නොතිබුණු බවට චෝදනා එල්ල වෙනවා! කරුණාකර පැහැදිලි කරන්න.
මම පොහොට්ටුවට ඡන්දය නොදුන්නත්, ඔබ විසින් ක්‍රියාත්මක කරන ලද QR කේතක්‍රමයට තෙල් බෙදීම අගයනවා. ඒකෙ යම්කිසි දුර්වලතා තිබුණත් අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න පුළුවන් වේවා කියලා සුබ ප්‍රාර්ථනා කරනවා...
උනන්දුවෙන් සහ උත්සාහයෙන් වැඩ කරන තරැණයෙක්. මෙයාට මෝඩ තරැණ දේශපාලනයේ බලෙන් එල්ලී ඉන්න කෙනෙක්ගෙන් කැපිලි දැනටම තියෙනවා….
ඔය කවුරුවත් අපරාධ විමර්ශන නෙවෙයිනේ.. ඔය සියලුම දේවල් පරිපාලන අක්‍රමිකතාවන්... ඒවා අමාත්‍යාංශ මට්ටමින් කළහැකි විමර්ශණ..