(ඩයනා උදයංගනී)
එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු අමාත්‍යවරයකු වූ දිවංගත ගාමිණී දිසානායක මහතාගේ බිරිඳ වූ ශ්‍රීමා දිසානායක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී හෙට (1) සිදුකෙරේ.
දේහය කොළඹ, විජේරාම මාවතේ අංක 1/6 දරණ නිවසේ හෙට (1) පස්වරු 2.00 දක්වා තැන්පත් කර තැබෙන අතර නිවසේදී පවත්වන ආගමික වතාවත්වලින් පසු පස්වරු 2.00ට පමණ දේහය රැගත් අවමංගල පෙරහැර බොරැල්ල කනත්ත බලා ගමන් ඇරඹීමට නියමිතය.
බොරැල්ල කනත්තේදී අවමංගල සභාවක් ද පැවැත්වේ. ශ්‍රීමා දිසානායක මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක දී ඉකුත් 29 වැනිදා පස්වරුවේ අභාවප්‍රාප්ත වුවාය.
ශ්‍රීමා දිසානායක මහත්මිය මියයන විට 77 වැනි වියෙහි පසුවූවාය.
ඇය එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා වන නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක යන මහත්වරුන්ගේ මව ද වූවාය.
ඇයට අරුණි තාරුකා නමින් දියණියක ද සිටී. එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකවරයා ලෙස 1994 වසරේ ඉදිරිපත් වූ ගාමිණී දිසානායක මහතා බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය වීමෙන් පසු ඇති වූ අඩුව පුරවමින් එවර එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂිකාව ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ද ශ්‍රීමා දිසානායක මහත්මියයි.

2025 දෙසැම්බර් මස 04
276
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
407
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්‍රීමා දිසානායකගේ අවසන් කටයුතු හෙට
Buddika Sunday, 31 March 2019 11:41 AM
සුබ ගමන් මැතිණියනි, නිවන් දකිනා තුරු ඔබතුමියත්, ගාමිණී දිසානායක මැතිතුමාත් මේ පින් බිම තුළ යළි ඉපදෙන්න හේතු වාසනා වේවා!!!