(ඉන්දිකා රාමනායක)
ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගෙන ගොස් වෑන් රථයක රඳවාගෙන ඇයට තර්ජනය කිරීමේ සිද්ධියට අදාල තොරතුරු ස්විස් තානාපති කාර්යාලය විසින් අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.
එම තොරතුරු අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස් සීසීටීවී කොට්ඨාසයේ සහය ලබාගෙන විමර්ශන ආරම්භ කර ඇති බව ද එම නිවේදනයේ සඳහන් වේ.
මෙම නිලධාරිනිය පැහැරගත් පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අය බවට තනාපති කාර්යාලයේ නිලධාරිනියට දැනුම් දී ඇතැත් පරීක්ෂණ නොමග යැවීම සඳහා සැකකරුවන් ව්‍යාජ ප්‍රකාශයක් සිදුකර ඇති බවට පවසන පොලිසිය මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
COMMENTS
අපට අපේ නොවෙන අපේම අතීතයක් තිබුණා.
හොඳයි..
මේවා පිළිබඳ නිවැරදි තොරතුරු දැන්ම එළිවෙන්නේ නැහැ. එම නිලධාරිනිය ගැන සුවිස් තානාපති කාර්යාලය කරුණු සොයාගනීවී. එහෙත් සත්‍ය ජනතාවගෙන් හැමදාමත් වහන් කරන්න උත්සාහ ගනීවි...
ඒක අශෝභන හා අනවශ්‍ය ක්‍රියාවක්. යුක්තිය ඉටුවන්නේ කෙසේදැයි බැලීමට මුළු රටම බලා සිටී.
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ, අල්ලයි කියල තමයි බය...,
මානව කිමිකම් ගැන තියෙන මූලිකම රටේ තානාපති කාර්යාලවලටත් මෙහෙම නම්... අනේමන්දා, අපේ රට...
මේ පට්ට බොරු. දැන් මේ වෙනකොට ඒ බව ඒ අය දන්නවා. හෙට අනිද්දාට උත්තර ලැබෙයිලු.
ලංකාවේ නිලධාරින් හොරෙන් රට පන්නපු එකටත් එකතු කරලා එලවන්න ඕනේ...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකවරයාට පොලිස් දෙපාර්තමේන්තුවේ අවසරයක් නොමැතිව ස්විට්සර්ලන්තයට පලායාම ස්විස් තානාපති කාර්යාලයේ අනුදැනුමක් නොමැතිව සිද්ධ වෙන්න බෑ. එසේ කිරීමට තානාපති කාර්යාලය ලබා දුන් අනුබලයට එරෙහිව එල්ල වෙන චෝදනාවෙන් ගැලවීමට, අවධානය වෙනතක යොමු කිරීමක් විදියට රඟදක්වපු නාට්‍යයක් තමයි මේ පැහැර ගැනීම...
මේක පරාජිතයින්ගේ නාට්‍යයක්...
සිද්ධියක් වුණා. දැන් විධිමත් පරීක්ෂනයක් කරලා සත්‍ය රටට වඩා ලෝකයාට හෙළි කළ යුතුයි. මොකද මේ සිද්ධිය රටට කෙසේ වෙතත් ලෝකයාට බරපතල සිද්ධියක්. පාස්කු දින ප්‍රහාරයට වඩා...
අනිවාර්යයෙන්ම මෙම දේශීය ස්විස් තානාපති නිලධාරිනියට ඇමති, නියෝජ්‍ය ඇමති හෝ රාජ්‍ය ඇමතිකමක් ප්‍රධානය කර හෝ කෝටි 50ක දීමනාවක් ඉල්ලා දී ළඟදීම රජා විසින් ස්විට්සර්ලන්ඩ්වලට කෙලවනු ඇත. කොහොමද ටිකිරි මොළේ?
දන්නේ නැතිනම් දන්නා කෙනෙක්ගෙන් අහගන්න. මව්බිමේදී එවැනි වීසා එකක් ගන්න හරිම අමාරුයි. නමුත් මේ පොලිස් නිලධාරියාගේ කේස් එක සාක්ෂි ඇතිවම ඒ අයට වැටහී යන්න ඇති. ඔබ ප්‍රංශයට ගොස් රිෆියුජි වීසා ඉල්ලලත් ලැබුණේ නැත්තේ ඔබ බොරු කේස්එකක් ඉදිරිපත් කළ නිසා බව මම දන්නවා.
වීසාවක් ගන්න ස්විට්සර්ලන්ඩ් වලට අනිවාර්යයෙන්ම ලියුමක් ගෙන්න ඕනෑ රස්සාව කරන තැනින්... නිවාඩු අනුමත වෙලා කියලා. මම යුරෝපයේ රස්සාව කරන නිසා දන්නේ. ඒ වගේම මම යුරෝපයේ රටවල්වලට කිහිප සැරයක් ඇවිත් තියෙන නිසා දන්නේ. එහෙම නැතිව ටුවරිස්ට් වීසා දෙන්නේ නැත. ඉතින් මේ මනුස්සය CID එකට නොදන්වා රට පැන්නා කියන්නේ වීසා ලැබිලා තියෙන්නේ වෙන ක්‍රමයකට.
ඔය බොරු සාක්කි කාරයින්ට තලලා එළවලා, නඩු ටික විසිකර, ඡන්දය දීපු අයට ලෙව කන්න කටු ටිකක් දීලා, අපි රටේ සම්පත් ටික ආදරයෙන් බලාගමු.
ආධාර කපා හරින්න. එතකොට සත්‍යය හෙළිවේවි නිකන්ම..