(යොහාන් භාසුර)

කටාර් රාජ්‍යයේ, බින් ඩර්හැම්හි අල් මන්සූරා ප්‍රදේශයේ සිව් මහල් ගොඩනැල්ලක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් ශ්‍රි ලාංකිකයකු මරණයට පත්වී තවත් ශ්‍රි ලාංකිකයකු අතුරුදන් වී තිබේ.

මියගිය පුද්ගලයා 56 හැවිරිදි නිශ්ශංක සිල්වා නම් අයකු වන අතර, ඔහුගේ පුත්‍රයා විසින් සිරුර හඳුනාගෙන තිබේ. අබ්දුල් රසාක් ජමීල් නම් 60 හැවිරිදි පුද්ගලයකු ද මෙම අනතුර හේතුවෙන් අතුරුදන්ව තිබේ.

මෙම පුද්ගලයින් කටාර්හි සේවය ගොස් එම ගොඩනැගිල්ලේ නවාතැන් ගෙන සිටි දෙදෙනකු බවත් මෙම අනතුර පිළිබඳව වැඩිදුර කරුණු සොයා බැලීම සදහා කටාර් තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ නිලධාරීන් මේ වන විටත් එම ප්‍රදේශයට පිටව ගොස් ඇති බවත් තානාපති කාර්යාලය කියයි.

කඩා වැටුනු ගොඩනැගිල්ලේ සුන්බුන් අතරින් පවුල් දොලහකට අයත් සාමාජිකයන් බේරා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් සමත්වී තිබෙන අතර තුවාලකරුවන් නව දෙනකු මේ වන විට කටාර්හි හමාද් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව තානාපති කාර්යාල කියයි.