IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


මත්කුඩු ජාවාරම්කරුවකුට වසර 4කට පසු මරණ දඬුවම

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
කොළඹ ආදුරුප්පුවීදීය ප‍්‍රදේශයේ හෙරොයින් බෙදාහරිනු ලැබූ මත්කුඩු ජාවාරම්කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා අද (08) මරණ දඬුවම  නියම කළේය.

හෙරොයින් මත්ද්‍රව්‍ය හේතුවෙන් සමාජය මහත් ඛේදජනක තත්වයකට මුහුණ පා ඇති බව පෙන්වා දුන් විනිසුරුවරයා ඒ තත්වයෙන් සමාජය මුදා ගැනීම සඳහා සමාජයට ආදර්ශයක් වන අන්දමට විත්තිකරුවන්ට දැඩි  දඬුවම් නියම කරන බව විනිසුරවරයා සඳහන් කළේය.

චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස මරණ දඬුවම් නියම කරන ලද්දේ කොළඹ ආදුරුප්පුවීදීය බදුවත්ත ප‍්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයකු වන මොහොමඞ් මොහිදීන් රියාස් නමැත්තාටය.

2015 මාර්තු මස 12 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ ආදුරුප්පුවීදීය බදුවත්ත ප‍්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 34.75 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ආදුරුප්පුවීදීය බදුවත්ත ප‍්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී එවකට 21 හැවිරිදි වියේ පසුවූ මෙම විත්තිකරු පරීක්‍ෂාවට ලක් කර ඇති බවත් ඒ අවස්ථාවේ හෙරොයින් අඩංගු පාර්සලය විත්තිකරු සන්තකයේ තිබී සොයාගෙන ඇති බවත් නඩු විභාගයේදී හෙළි විය.

අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් පරීක්‍ෂාවට ලක් කළ රජයේ රස පරීක්‍ෂවරයා එහි හෙරොයින් ග්‍රෑම්  34.75 ක් ඇති බව දැනුම් දී තිබු අතර මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට මරණ දඬුවම නියම කළේය.



අදහස් (0)

මත්කුඩු ජාවාරම්කරුවකුට වසර 4කට පසු මරණ දඬුවම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 400 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2178 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1652 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site