(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
කොළඹ වරායට පැමිණ තිබෙන රුසියානු නාවික හමුදාවට අයත් යුද නෞකාව සහ සබ්මැරීන් දෙක නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ඇතුළු නිලධාරීහූ අද (16) පෙරවරුවේ නිරීක්‍ෂණය කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පැවසීය.
මෙම නෞකාව සහ සබ්මැරීන් දෙක සාගර මෙහෙයුමක නිතරව සිටින අතරතුරදී කොළඹ වරායෙන් තෙල් ලබාගැනීම ඇතුළු සේවා සපයා ගැනීම සඳහා පැමිණ ඇති බවත් රුසියානු නාවික හමුදාවේ මෙම නෞකාවේ සහ සබ්මැරීන් දෙකන නිල වශයෙන් පිළිගැනීම සඳහා නාවික හමුදාපතිවරයා නීක්‍ෂණ චාරිකාවේ නිතර වූ බවත් කපිතාන් ඉන්දික ද සිල්වා කීය.
නෞකාව සහ සබ්මැරීන් දෙක සේවා සපුරාගැනීමෙන් පසුව අද දිනයේම පිටතව යෑමට නියමිතය.






COMMENTS
නොකියා හොරෙන්ම ඇවිල්ලා වගේ... නිකමට අහන්නේ... පිළිගන්නේ නැතුව එළවලා දානවා වගේ එකක් කරන්න බැරිද..? එහෙම වුනොත් මොකක් වෙයිද?
මට මෙන්න මෙසේ සිතෙනවා. අතීතයේ හා වර්තමානයේ සමහර දේත් පාදක කරගෙන මා එය කියනවා. මාගේ සිතීමේ නිදහසට අනුව, එය පැවසීම වරදක් නොවෙයි. මට සිතෙනා ආකාරයට, චීනා මේ රටට පැමිණීම,චීන හමුදා අංශ පැමිණීම ආදිය නිසා වෙනත් රටවල කිසියම් කලබල වීමක් පෙනෙනවා. ඒ නිසා ඒ රටවල ආරක්ෂක අංශ මේ රටට නිතර නිතර එන්නට පටන් ගෙන තිබෙනවා. එයයි පවතින සත්‍යය... හොඳින් තිබූ රටක් අහක ඉන්නා නයි රෙදි අස්සේ දමාගැනීම නිසා ඉදිරියේදී කනවෝ.. කනවෝ.. යැයි කෑගැසීමට සිදුවේවිද දන්නේ නැහැ...
වෙලාවකට, සමහරු කියන දේ, කරන්න කියන දේ ගැන කියවද්දී හිතෙනවා "අනේ ලංකාවෙන් පිටවන දේවත්, ලෝකයේ රට රටවල් අතර ව්‍යාපාර සම්බන්ධීකරණය, වෙළෙඳ ගිවිසුම් ගැන මෙලෝ හසරක් දන්නෑනේ කියලා.. හරියට අල්ලපු ගෙදරින් හිතවත් කමට බඩු හුවමාරු කරගන්නවා වගේනේ කියන්නේ...
ඉන්දියන් හමුදාව එනවා සමරු පලක දෙනවා යනවා, ඇමරිකන් ඒකාබද්ධ පුහුණුවීම් කරනවා, රුසියාවෙනුත් එනවා ඒවා බෑන්ඩ් ගහල පිලිගන්නවා. මොකක් හරි ගිනි විජ්ජුම්බරයකට අර අදිනවා කියලයි මටනම් හිතෙන්නේ.
කොහොම උනත් රුසියාව කියන්නේ අපට කවදාවත් හිරිහැරයක් කෙනහිලිකමක් හතුරුකමක් කල රටක් නම් නෙවෙයි. ඔබ දන්නවාද ජේ ආර් ඒකාලේ ඔහේ කට තිබුනට කියෙව්වා රුසියාව කොටින්ට උදව් කළා කියලා. අන්න එදා සිට වසර ගණනාවක් රුසියාව අපේ නායකයෙකුට එරටට ආරාධනා කලේ නැහැ. මේ මෑතකදී ඒ තත්වය වෙනස් වුනේ.
අපට සිටින සත්‍ය මිත්‍ර රටවල් අතලොස්සෙන් එකක් තමයි රුසියාව. (පකිස්ථානය, ජපානය වැනි) ඔවුන් අපේ වරායට ගොඩ වීම ගැන අපි කොතරම් සතුටට පත් වූවත්. ඒත් අපි නම් අපේ විදේශ ප්‍රතිපත්තිය කාබාසිනියා කරගෙනදෝ කියලා බයකුත් එනවා ළඟ ළඟ වුන මිලිටරි ක්‍රියාදාමයන් දිහා බලද්දි. දැන් අපිට සිරිමාවෝ මැතිනියත් නෑ. ලක්ෂ්මන් කදිරගාමර් මහත්තයත් නෑ.
කවුරු කවුරු තරහ කාරයෝ වුනත් කමක් නෑ... අපි හැමෝමත් එක්ක සමාදානෙන් ඉන්න ඕනෑ...
සර් හින්දා තමයි මේවා අපිට බලාගන්න පුළුවන් වුණේ... අනේද කියන්නේ...?
මේවා අපේ දේශපාලකයන් වගේ දිය යටින් යන්නේ පෙන්නේ නැහැ යන විදිහ ඔන්න ඕකයි තත්වේ.