(එම් .සුසිල් ප්‍රියන්ත)
බලපිටිය වැලිවතුගොඩ ප්‍රදේශයේ දී අද (17) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව අහුංගල්ල පොලීසිය කියයි.
වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූවේ බලපිටිය වැලිවතුගොඩ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.
විදේශගත රැකියාවක නිරතව පැමිණි මොහු සිය නිවසේ සිටියදී මාංචු කූට්ටමක් අතතිව පොලීසියෙන් බව පවසා යතුරුපැදියෙන් පැමිණි දෙදෙනෙකු ඔහුව නිවසින් එළියට කැඳවාගෙන ගොස් ඔහුගේ හිසට වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලිසිය පවසයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ මේ තැනැත්තා බලපිටිය රෝහලට ඇතුළත් කළ බවත් ඔහුගේ තත්වය බරපතල බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd