
(විමුක්ති එස් රුද්‍රිගු)
ඩෙල්ෆ්ට් දූපත ශ්‍රී ලංකාවේ ප්‍රථම 'Zero Emission' (ශූන්‍ය විමෝචන) පරිසර හිතකාමී සංචාරක ගමනාන්තය ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණය කර ඇතැයි සංචාරක අමාත්‍යාංශය පසුගියදා ප්‍රකාශ කළේය.
මේ පිළිබඳ ඉදිරි වැඩපිළිවෙළ සොයා බැලීමේ විශේෂ විමර්ශන චාරිකාවක් සහ සාකච්ඡාවක් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(04) ඩෙල්ෆ්ට් දූපතේදී පැවැත්විණි.
ලන්දේසි යුගයේ නටබුන්, පුරාවිද්‍යාත්මක ස්මාරක සහ නිදහසේ සැරිසරන වන අශ්වයන් හේතුවෙන් දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත් ඩෙල්ෆ්ට් දූපතේ අනන්‍යතාව සහ පාරිසරික වටිනාකම් සුරකිමින්, එය දිවයිනේ ආදර්ශමත් තිරසාර සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ බවද සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා සඳහන් කළේ ඩෙල්ෆ්ට් දූපතෙන් සංචාරක කර්මාන්තයට ලැබෙන දායකත්වය තවමත් අපේක්ෂිත මට්ටමට පැමිණ නොමැති බවයි. එම තත්ත්වය වෙනස් කිරීම සඳහා පානීය ජලය, මාර්ග, ප්‍රවාහන හා ප්‍රවේශ පහසුකම් ඇතුළු මූලික යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටත්, ප්‍රදේශවාසීන්ගේ ආගන්තුක සත්කාර සහ ප්‍රජා මූලික සංචාරක ව්‍යාපාර පිළිබඳ කුසලතා වර්ධනය කිරීමටත් ඉදිරියේදී පියවර ගන්නා බව එතුමා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd