(නාලක සංජීව දහනායක)
සියලුම දෙනාට බියෙන් හා සැකයෙන් තොරව ජීවත්විය හැකි ආරක්‍ෂිත සංවර්ධිත රටක් ගොඩනැගීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ක්‍රියාකරනු ඇති බවත් ඒ සඳහා සියලුම දෙනා එකමුතුව සහයෝගය ලබා දිය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධාකය බැසිල් රාජපක්‍ෂ මහතා අද (17) පැවැසීය.
විවිධාකාරයෙන් අපහාස හා උපහාස විදදරාගෙන ජනතාවගේත් රටේත් යහපත සදහා ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ සියලුම දෙනාට හෘදයාංගම ස්තූතිය පළකරන බවද ඔහු කීය.
බත්තරමුල්ල,නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (17) මාධ්‍ය අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී රාජපක්‍ෂ මහතා මෙසේද කීය.
“බලාපොරොත්තු වූ ආකාරයටම අපි මේ ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබුවා. ඒ ලැබූ ජයග්‍රහණය සතුටින්, සාමයෙන් භුක්ති විඳින ලෙසට මම සියලුම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
පහුගිය කාලයේදී මේ රට ඉතාම අඳුරු යුගයකට ගෙනගියා. එවන් රටක් නැවත ගොඩනැගීම එක්කෙනෙකුට හෝ දෙන්නෙකුට කරන්න බැහැ. රට නැවත ගොඩගන්න අපි සියලුම දෙනා එකාවන්ව වැඩ කළ යුතුයි” යැයිද ඔහු කීය.

COMMENTS
පහුගිය ආණ්ඩුව යටතේ අපි ජීවත් උනේ ගොඩක් අමාරුවෙන්. බඩු මිල අපිට දරාගන්න හොදටම අමාරු උනා. අපි ඔබතුමාව දිනෙව්වේ ගොඩක් මහන්සි වෙලා මැතිදුනි. අහිංසක දුප්පත් අපිට බඩු මිල ඉක්මනින් අඩු කරලා සහනයක් දෙන්න.
ඔව් ඉතින්. කවුරු බලයට ආවත් මැජික් කරලා ආර්ථිකය ගොඩ දාන්න බෑ. ණය ගෙවන්න ලෝකේ වටේ ගිහිල්ලා, ආයෙත් ණය වෙලා බැරිවුනොත් ආයෙත් අවුරුදු 2 කට කලින් ඡන්දේ තියන්න. බලමු කොහොමද වැඩ.
ගෝඨාභය මහත්තයාට කරගන්න දීලා ඕගොල්ලෝ වෙන අතක් බලාගන්න. නැත්නම් එයාටත් තව අවුරුදු පහකින් මේ සෙතේම තමයි. ගෝඨාභය මහතා හොරුන්ව එළවයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
අනේ ඔබතුමයි, නාමල් බේබියි පැත්තකට වෙලා ඉන්නවද මේ පාරත් විනාශ කරන්නෙ නැතිව.
මිනිස්සු ගිය අවරුදු පහේ කෑවා නෙමේ ලෙව කෑවා. අනාගත ජනපතිතුමනි, ඉතා ඉක්මනින් බඩු මිල අඩුකර දෙන්න. අපිට 50% කවත් අඩුවීමක් ඕනේ. යුද්දේ නැවතිලා ඉතුරු වෙන මුදල් වල වාසිය ජනතාව අතට යන්න එජාප ආණ්ඩුව ඉඩ දුන්නේ නැහැ.
මේ මහත්තයාට ඇමතිකමක් එහෙම ගන්න හිතුනොත් නීති රීති අලුත් වැඩියා කර ගන්න වෙයි නේද? මල්ලිට ලැබුන විශිෂ්ඨ ජය නිසා නඩු හබ එහෙම එහෙ මෙහෙ කරගන්න අමාරු වෙන එකක් නැහැ. මොකද දැන් මොන නඩුකාරයාද එයාට විරුද්ධව තීන්දුවක් දෙන්නේ නේද මෙයා ?
ඉස්සරහට තව අයිතිකාරයන් නැති ගෙවල් හැදේවිද?
බඩු මිල දිහා බලලා සුසුම් හෙලපු යුගය අවසානයි. මැතිදුනි, දුප්පත් අපිට ලොකු බඩු මිල අඩුකිරීමක් ඕනේ..
ඔබ සහ පවුලේ අය පැත්තකට වෙලා හිටියොත් ගෝඨාභයට රට කරන්න පුලුවන්. මොකද ඔහෙලා කරන හැමදේකම අවසානේ තියෙන්නේ මූල්‍යමය ප්‍රශ්න.
ඉක්මනින්ම ළංකරගන්න ඕනේ චරිතයක්. පළමුවෙනි පාර්ලිමෙන්තුවෙන්ම අනුමත කරගන්න 10% කොමිස් ගැනීම නිත්‍යානුකුලයි කියලා.
දැන් ඔන්න කට්ටියම 10%ක් වෙනම ලෑස්ති කරලා තියාගන්න වැඩක් කරගන්න ඕනේ නම්...