(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පූගොඩ නගරයේ පිහිටි සමුපකාර ඉන්දන හලේ පිරවුම්පකරුවකු පිරවුහලේ රුපියල් 2 70,000 ක මුදලක්රැගෙන සුදු කෙළීමට ගොස් ඇතැයි පූගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශය කියයි.
ඉන්ධන අලෙවි කිරීමෙන් උපයාගත් මුදල පොම්පකරු එහි කළමනාකාරවරිය ට ලබා නොදී වංචාවෙන් රැගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
සමුපකාර ඉන්දන පිරවුම් පොලේ කළමනාකාරවරිය විසින් මේ සම්බන්ධයෙන් පූගොඩ පොලිසියට පැමිණිලි කරනු ලැබුවාය.
අත්අඩංගුවට ගැනීමට සොයන මෙම පොම්පකරු තදින්ම සූදු කෙළීමට (බූරුවා ගැසීමට) ඇබ්බැහි වී සිටින අයකු බවටද තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
පූගොඩ පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු කණ්ඩායමක් මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වාගෙන යති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
QR CODE එන්න කලින් ඉන්ධන පෝලිම් කාලේ මුන් ජීවිත සමග සූදු කෙළියා. දැනුත් කරනවා. පෝලින් කාලේ එකෙක් රුපියන් 60000 කට වැඩිය දවසට හෙව්වා. අසාධාරණ සල්ලි කොහෙන් හරි යනවා.