IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකට එරෙහිව විරෝධතා

( පුෂ්පකුමාර ජයරත්න )

වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබාදී ඇති ස්ථාන මාරුව දෙවරක්ම ප්‍රතික්ෂේප කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ධූරයේ රැඳී සිටීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානයේ සාමාජිකයෝ අද (13) පෙරවරුවේ වෛද්‍ය වීරබණ්ඩාර මහතාට රාජකාරියට වාර්තා කිරීමට ඉඩ නොදී රෝහල ඉදිරිපිටට රැස්වී  විරෝධතාවයක නිරත වූහ .

කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානයේ සාමාජිකයින් විශාල පිරිසක් රෝහල් අධ්‍යක්ෂවරයාගේ කාර්යාලයට පිවිසෙන මාර්ගය අවහිර කරමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් මෙම විරෝධතාවයෙහි නිරත වූහ .

කාර්යාලයට යාමට පැමිණි වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා මෙම විරෝධය හේතුවෙන් රෝහල් භූමියට ඇතුළු වීමට නොහැකිව රෝහල ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටින ආකාරය දැකගත හැකිවිය .


  රෝහල් අධ්‍යක්ෂවරයා භාවිතා කරන කාර්යාල කාමරයද කිසිවෙකුට ඇතුළු වීමට නොහැකි ආකාරයට අළුතින් ඉබි යතුරු දමා වසා තිබූ බවද වාර්තා විය .

මෙම විරෝධතාවය හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර සේවාවන්ටද දැඩි ලෙස බාධා එල්ලවී තිබේ .

කොරෝනා වසංගතය මර්ධනය කිරීම සදහා කුරුණෑගල ශික්ෂණ රෝහල තුළ ක්‍රමවත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මාරුකර තිබේ .

ඒ සම්බන්ධයෙන් වන පළමු ස්ථාන මාරුව පසුගිය 6 වන දිනත් , දෙවන ස්ථාන මාරුව ඊයේ  (12) දිනයේත් ලැබී තිබුණද වෛද්‍ය වීරබණ්ඩාර මහතා එම ස්ථාන මාරුවීම් දෙකම ප්‍රතික්ෂේප කරමින් රජයේ නියෝග නොසලකමින් තවමත් නීති විරෝධි ⁣ආකාරයට රෝහල් අධ්‍යක්ෂ ධූරයේ රැඳී සිටින බව විරෝධතාවය මෙහෙයවූ කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු වෛද්‍ය ඉන්දික රත්නායක   මහතා සඳහන් කළේය .

අමාත්‍යාංශ නියෝගයට ගරු කරමින් වහාම ධූරයෙන් ඉවත්ව යන ලෙසද වෛද්‍ය වීරබණ්ඩාර මහතා තව දුරටත් බලහත්කාරයෙන් රෝහල් අධ්‍යක්ෂ ධූරයේ රැඳී සිටියහොත් හෙට (14) සිට රෝහලේ සියළුම සේවා වලින් ඉවත් වන බවද ඔහු ප්‍රකාශ කළේය .

විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයෝ මෙම විරෝධතාවයෙහි නිරත වූහ .



අදහස් (9)

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකට එරෙහිව විරෝධතා

Gamage Wednesday, 13 May 2020 05:16 AM

දේශපාලකයින්ගේ ගේම්වලට අර ශාෆි දොස්තරට එරෙහිව යටි කූට්ටු වැඩ කළා. දැන් අනුන්ට කළදේ තමන්ට පලදේ කියන කියමන හරි වගේ....

:       0       0

පෙර්රා Wednesday, 13 May 2020 05:43 AM

හොද වැඩේ. කළ පව් පොලියත් සමගම පලදේ. ඒ අතරම කරපින්චා න්‍යාය ඔප්පු වූ තවත් අනගිභවනීය අවස්ථාවක්.

:       6       507

athula Wednesday, 13 May 2020 06:22 AM

රටකට ගිය කලක්....

:       0       0

අභීත එදිරිසිංහ Wednesday, 13 May 2020 06:29 AM

රෝහලේ සුළු සේවකයන් රජවෙලා. වෛද්‍ය සරත් වීරබණ්ඩාර මැතිතුමා කියන්නේ සිංහල බුද්ධාගම වෙනුවෙන් ඉමහත් සේවයක් කරනා උත්තමයෙක්. එතුමාව රැක ගනිමු. මේ උත්ඝෝෂණ සිදුකරන්නේ අන්‍යාගමික අය.

:       0       0

ranjith Wednesday, 13 May 2020 06:34 AM

දේශපාලනය කරන්න ගියාම වෙනදේවල්...

:       0       0

කුමාර Wednesday, 13 May 2020 06:46 AM

තමන් වපුරපු දේවල අස්වැන්න තමයි ඵල ලෙස ලැබෙන්නේ... සමහර වෙලාවට වපුරපු අයට නෙවෙයි ඔවුන්ගේ සනුහරේ අයටත් නෙලන්න වෙන්නේ ඒ ඵලම තමයි..

:       0       0

කපුරුහාමි Wednesday, 13 May 2020 09:39 AM

ලැජ්ජා නහර කපලද මන්දා ?

:       0       0

සේන Wednesday, 13 May 2020 11:13 AM

මේ සිදුවන ක්‍රියාවලිය තවම පැහැදිලි නෑ. බලමු තව දින කීපයක්...

:       0       0

සෙනෙවිරත්න Wednesday, 13 May 2020 01:59 PM

සාෆි නාඩගමේ ප්‍රධාන නලුවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 350 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 402 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site