තරිඳු ජයවර්ධන
රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්ව කණ්ඩායමට 113කට වැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් සිටින බව පෙන්වීමට හෙට (12) දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පැවසීය.
අවශ්‍ය නම් 113 දෙනකුට අධික මන්ත්‍රීවරුන් ද ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවිය හැකි බව මන්ත්‍රීවරයා කීවේය.
අජිත් පී පෙරේරා මහතා මේ බව පැවසුවේ අද රාත්‍රී කොළඹ අරලිගයහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
‘‘අද ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළා. පසුගිය 14 වැනි දා සහ 16 වැනි දා විශ්වාසභංගය සාර්ථකව ස්ථිර වුණා. ඒ බව අපි ජනාධිපතිට දැනුම් දුන්නා. කතානායකවරයාගේ තීන්දුව අභියෝගයට ලක් කරන්න ස්ථාවර නියෝග 76.1 අනුව විධායකයට හෝ අධිකරණයට බෑ. ඒ ගැන සලකාබැලීමක් කරනවා නම් පාර්ලිමේන්තුවේදීම මන්ත්‍රීවරුන් යෝජනාවක් සම්මත කර ගත යුතුයි. නමුත් එසේ කරන්න ඔවුන්ට මන්ත්‍රීවරුන් නෑ. අපි මේ බව ජනාධිපතිට දැනුම් දුන්නා.
එතනදි විමල් වීරවංශ මන්ත්‍රීවරයා යෝජනාවක් කළා හැකි නම් අපිට 113 දිවුරුම් ප්‍රකාශ මගින් පෙන්වන්න කියලා. අපි කිව්වා හෙට උදේ 10 වෙද්දි මන්ත්‍රීවරුන් 113කට වැඩි ප්‍රමාණයක් සමග දිවුරුම් ප්‍රකාශ රැගෙන එන්න අපි ලෑස්තියි කියලා. නමුත් ජනාධිපතිවරයා ඊට ඔළුව වැනුවේ නෑ. අපි ලෑස්තියි උදේම ජනාධිපති ලේකම් කාර්යාලයට එන්න. ජනාධිපතිවරයාගෙන් ඊට අවස්ථාවක් ලැබෙයි කියා අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. විධායකයට බෑ අධිකරණයට හෝ ව්‍යවස්ථාදායකයට ඇඟිලි ගහන්න. ‘‘ යැයි ද අජිත් පී පෙරේරා මහතා කීවේය.
COMMENTS
මොන ප්‍රකාශ දුන්නත් මහජන ප්‍රසාදය ඔබලාට නෑ, අපි ඔබලාව පත් කලේ රට විකිණීමට නොවේ දැන් ඔබලාව ගෙදර යවන්නෙත් අපි, එකතු කර ගත් පක්ෂ ටිකට මොන පොරොන්දු දීලද මේ ගාන හොයා ගත්තේ ,? ඡන්ද දායකයා වෙනදට වඩා දැන් දැනුවත්, පව් නොදී ගෙදර නවතින්න.
.." හෙට එන්න එපා. මට වැඩ ගොඩක් තියෙනවා. මේ වැඩ ටික අවසන්වුණාම ලබන අවුරුද්දේ විතර දවසක් වෙන්කරගෙන එන්න කට්ටිය පිටින්ම...."
122 ක් අත්සන් සහිතව යැවුවා යැයි කියන ව්ශ්වාසභංගයට ඇයි මේ දිවුරුම් පෙත්සම් 113? යවන්න 122 කම. අත්සන් කලානම් අත්සන් කලබවට දිවුරුම් පෙත්සමක් දෙන්න බැරි කමක් නැහැ. දිවුරුම් පෙත්සමටත් ලංසු තියයිද ?
අජිත් පෙරේරා ගරු මැති තුමනි ජනපති රට අක්‍රීය කරන ස්වභාවය පෙනෙන නිසා ආණ්ඩුක්‍රම විවස්ථාවේ ඇති පරිදි කතානායකට ජනපති කමත් දැරීමට අයිතිය ඉල්ලා අධිකරණ තීන්දුව ලබා ගන්න කටයුතු කරන්න.
දිව්රුම් ප්‍රකාශ දාහක් ගෙනාවත් වැඩක් නැහැ යමු මහජන ඡන්දෙකට. එජාපෙට හා රනිලට තිබෙන මගේ විරුද්දත්වය පෙන්වන්න අවස්තාවක් ඕනේ. මේ අවුරුදු 4 ටම රට කාබාසිනියා කළා හැරෙන්නට රටට කල සංවර්දනයක් නැත. ඔබලා පඩිවැඩි කර ගතා පාර්ලිමේන්තුවේ වාඩිවෙනවාට මාසෙකට ලක්ෂයක් ගන්නවා. ඉතින් අපි පතන දේවල් මෙතන ලීවාට පලවෙන්නේ නැත.
ජනාදිපති තුමා පෙර කියූ කතා සහ අද කියන කතා 100% වෙනස්, නමුත් ඔබතුමාලගේ වෑයම අත්හරින්න එපා. කවද හරි සත්‍ය ජයගන්නවා. ලෝ දහම ඒකයි. අනික නිතිය ඉදිරියේ සත්‍ය එලිවෙයි.
බෙදුම්වාදී ටී.එන්.ඒ. එකට ආසන 16යි.. ඔවුන්ට උතුර, නැගෙනහිර වෙනම පාලනයක් දෙනකම් රනිල් අගමැති කිරීමට හෝ මහින්ද අගමැති කිරීමට ඡන්දය නොදෙන බව පවසයි. මුස්ලිම් ආගම මුල්කරගත් පක්ෂ දෙකට ආසන 12යි. ඔවුන්ද අවස්ථාවාදී දේශපාලනයේ නිරතවන බව සුප්‍රකට කරුණකි. 2015 මැතිවරණය අවස්ථාවේදීද ඔවුන් නැගෙනහිර වෙනම මුස්ලිම් කලාපයක් වෙන්කරදෙන ලෙස ඉල්ලා සිටියේය. කඳුකර දමිළ මිනිසුන්ගේ අයිතිවාසිකම් ගැන පමණක් සිතන අවස්ථාවට ආසන 8යි. කතානායකගේ ආසනය හැරුණුවිට පාර්ලිමේන්තුවේ ඉතිරිව ඇත්තේ අාසන 188යි. අපි පක්ෂ තුනකට බෙදී බල අරගලයක යෙදී ඇත. ජනාධිපතිතුමා පුලුවන් නම් 113ක බහුතරයක් පෙන්වීමට රනිල්ට හා මහින්දට අභියෝගයක් දී ඇත. අප බෙදී ඇති නිසා අපට බහුතරය අහිමි වී ඇත. ජනාධිපතිතුමා අපට යමක් සිතන්නට අවස්ථාව ලබා දී ඇත. බෙදුම්වාදී හා ජාතිවාදී පක්ෂ ඉල්ලන දේ ලබාදී ඔවුන්ගේ මනදොල සිඳවා 113ක බහුතරය පෙන්වමුද? නැත්නම් එකට එක්වී ඒකීය ශ්‍රී ලංකාවක් ගොඩනගමුද?