(එෆ්.අස්ලම්)
ජනාධිපතිවරණයට තරග වදින ප්‍රධාන පෙළේ කිසිදු අපේක්ෂකයෙකුට සහාය දිය නොහැකි බවත් දෙමළ ජනතාව ස්ව කැමැත්තෙන් තමන්ට සිතෙන අපේක්ෂකයෙකු හට ඡන්දය දියයුතු බවත් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් සඳහන් කරයි.
ජනාධිපති අපේක්ෂකයින්ට ඉදිරිපත් කර ඇති ඉල්ලීම් 13ක යෝජනාවලිය ප්‍රධාන පක්ෂවල ජනපති අපේක්ෂකයින් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තමාට කිසිදු අපේක්ෂකයෙකු හට සහාය විය නොහැකි බවද විග්නේෂ්වරන් මහතා අවධාරණය කර සිටියි.
ඉහත ඉල්ලීම් 13ට අත්සන් තැබූ දේශපාලන පක්ෂ පහෙහි නියෝජනයක් දරන තමිල් මක්කල් පේරවෙයි පක්ෂයේ (දෙමළ ජනතා සභාව) සිය ස්ථාවරය පිළිබඳ පැහැදිලි කරමින් අද (29) සවස නිකුත් කළ නිවේදනයෙන් මේ බව අවධාරණය කර තිබේ.
එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.
‘‘මට ඇඟිල්ල දික්කරල මේ අපේක්ෂකයට ඡන්දය දෙන්න කියල ජනතාව ඉදිරියේ කියන්නට බැහැ.ප්‍රධාන පක්ෂවලින් තරග කරන අපේක්ෂකයින් අතරින් කිසිවෙකු අපි දේශපාලන පක්ෂ 5 ක් විසින් ඉල්ලීම් 13 ක් ඇතුළත් යොජනාවලිය පිළිගත්තෙ නැහැ.
31 වැනිදා තැපැල් ඡන්ද විමසුම සිදුවෙනවා.අපේ ඉල්ලීම්13 මේ කිසිදු අපේක්ෂකයෙකු පිළිගත්තෙත් නැහැ.අපි නිල වශයෙන් ආරාධනා කළ සාකච්ඡාවට කිසිදු අපේක්ෂකයෙකු පැමිණියෙත් නැහැ.මේ ගැන අපි ඊයේ (28) යාපනයේදී යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමය එක්ක කරපු සාකච්ඡාවේදීත් කතා කළා.එහිදි ගිවිසුමට අත්සන් කරපු දේශපාලන පක්ෂ පහටම පොදු මතයකට එන්නත් බැරි වුණා.
මෙනිස තමිල් මක්කල් පේරවෙයි පක්ශය වශයෙන් තමාට කිසිදු සිංහල ජනපති අපේක්ෂකයෙකුට සහාය එන්න කියල කියන්න බැහැ යැයිද එහි සඳහන් කළේය.
COMMENTS
ඇයි එහෙම කියන්න කිව්වද? යටින් ගෝඨට සහය දෙන්න කිව්වද?
දේශපාලකයන්, රාජ්‍ය නිලධාරින් වගේම නොමිලේ උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ප්‍රජාවගෙනුත් ඒකීය භාවය, ව්‍යවස්ථාව රකින දිව්රුම ගත යුතුයි...
දුන්නත් නැතත් ගෝඨා දිනුම් !
තමන් උපන් මව්බිමට විනකරන මෙවන් දේශද්‍රෝහීන් නැතිකර දැමිය යුතුය. මේ අය රටක සමාජයට සදාකල් පිළිලයකි. තමන් උපන් රටේ තම සහෝදර මහජනතාවගේ බදුමුදල් වලින් ඉහළට ඉගෙනගෙන සියලු සැපසම්පත් ලබමින් මේ අයට සමාජයේ රිසිසේ දුවපැන ඇවිදීමට ඉඩදිය යුතු නැත.
තමන් කැමති කෙනෙක් නැතිනම් සමහර අය ඡන්දය පාවිච්චි නොකරන එක අලුත් දෙයක් නොවේ. ඇමෙරිකාවේ ඡන්ද පත්‍රිකාවේ අන්තිම පෙළේ තමන් කැමති කෙනෙක්ගේ නම ලියන්න පුළුවනි. සමහර අය තමාගේ සුනඛයාගේ නම ලියන වග මම අහලා තිබෙනවා.
ඔයාලා වගේ අයට ඡන්දෙ දෙන අය ඉන්නේ උතුරේනේ...
ඩයස්පෝරාවේ න්‍යාය පත්‍ර යට නටන මේ අයගේ සහයෝගය අපට ඕනෑ නැහැ. නමුත් මේ රටේ, සාමය, සහජීවනය අගයන දෙමළ අය ඉන්න බව මතක තියා ගත්තොත් හොඳයි. තමුන්නාන්සේලා වගේ අයට නිසි තැන ඉතිහාසය විසින් තීන්දු කරාවි...
එළකිරි ...!!!
විග්නේශ්වරන් හිටපු මහඇමති.., මෙම රටේ විනිශ්චයකාරවරයෙකු වශයෙන් සිංහල, දෙමළ, මරක්කල යන සෑම දෙනාගේම ගෞරවයට පාත්‍රව සිටිය කෙනෙක්. ජාතිවාදී දේශපාලනයට යොමුවුණු නිසා අද දේශපාලන ලෝකයේ අනාථයෙක් බවට පත්වෙලා සිටින්නේ. දෙමල මිනිස්සු ජාතිවාදියෝ නෙවෙයි. එම මිනිස්සුන්ට නිදහසේ ඡන්දෙ දෙන්නට ඉඩ දීලා ඔබලා පැත්තකට වී බලාගෙන හිටියොත් පෙනෙයි.. දෙමළ මිනිස්සු ප්‍රභාකරන්ට හිතවත් නැහැ. ඔහු නායකයෙක් හැටියට පිළිගත්තේ නැහැ. මිනිස්සු ඔහුට බයෙන් සිටියා පමණයි. ඔවුන් ප්‍රභාකරන්ගෙන් බේරාගත්තේ මහින්ද බව දන්නවා. එමනිසා දෙමළ මිනිස්සු කලගුණ දක්වාවි..
මේ පාර දෙමළ පක්ෂ යාපනයේ විශ්ව විද්‍යාලය අත් අඩංගුවට අරගෙන තියෙන්නේ. එක නිසා ටී.එන්.ඒ එක කජු කිරි කොල්ලෝ ඉස්සරහ අසරණවෙලා.
කාටහරි දෙන්න.
හරියට හරි... කිසිඳු අපේක්ෂකයෙකුට සහාය දෙන්න එපා.
මිනිසුන්ගේ ඡන්ද අයිතිය මානව අයිතිවාසිකමක්. එක එක්කෙනාට දෙන්න කියන එක මානව අයිතිවාසිකම් කඩකිරීමක්. ඒකවත් නොදන්නා නායකයෝ.
දෙන්න පුළුවන් දේවල් ඉල්ලන්න එපෑ. රට බෙදලා දෙන්න කියලා ඉල්ලපුවම කැමති වෙන පාලකයෙක් ඉන්නවා නම් එයාව ඔක්කොටම කලින් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙනවා කියල දන්නා නිසා තමයි එකග වෙලා නැත්තේ.
හලෝ මේ... තමුන්ගේ පක්ෂ ටික එක මතයකට ගන්න බැරිව කොහොමද තමුන්ගේ ඉල්ලීම්වලට වෙන පක්ෂ නම්මගන්නේ? ඇත්ත මේකයි.., තමුන්ලගේ අදහස් මිනිස්සුන්ට වැඩක් නැහැ. එ් මිනිස්සුන්ට රටේ කෑලි ඕනෑ නැහැ. රස්සා ටිකක්, ව්‍යාපාරයක් කරන්න පරිසරයක්, ගොවිතැනට වතුර, ඉස්කෝල පාරවල් දියුණු කරගන්න බලන්න මහ ආණ්ඩුව එක්ක කතා කරලා. නිකන් නොකෙරෙන බෙහෙතකට කෝඳුරු තෙල් හොයන්නේ නැතිව...
දේශපාලනයට මොකටද විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් එක්ක සාකච්ඡා, එ්ක නිදහස් අධ්‍යාපනය දේශපාලනය කිරීමක්, ජනතාවගේ මුදල්වලින් නඩත්තුවෙන යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් විග්නේශ්වරන්ගේ දේශපාලනය සඳහා යොදාගැනීම සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධියි. අැයි මේවාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ...
ඔහොම කියලා අවසානයට රට විකුණන එජාප නඩේ එක්ක හොර ගිවිසුම් ගහන බව නම් රටම දන්නවා.
ප්‍රභාකරන්ට සල්ලි දීලා උතුරේ ඡන්ද නැවැත්තුවා වගේ වාසුදේවගේ මස්සිනා අල්ලාගෙන උතුරේ ඡන්ද නවත්වන්නයි උත්සාහය...!
සහය අවශ්‍යය නෑ. කොහොමත් ඔබට ඕනේ රට බෙදන්නනේ.
කාගෙවත් ඡන්දයක් බලකරලා දාන්න පොලොඹව ගන්න බෑ. ඒක මානව අයිතියක්.
මේ අන්තවාදීන් තමයි තමන්ගේ පැවැත්ම උදෙසා අහිංසක මිනිසුන් නොමග යවන්නේ. කොළඹ හැදිලා, කොළඹ ඉගෙනගෙන, කොළඹ රස්සාව කරලා පණ ඇද ඇද දැන් උතුරට පැනලා ජාතිවාදයක් අවුස්සනවා.
හොඳ දෙයක්. අන්තවාදී ඉල්ලීම් ඉවත දමන්න ඕනේ. හැමදාම මෙයාලා කරේ දෙමළ ඡන්ද ඩිමාන්ඩ් කරන එක... සිංහල මිනිස්සු එකතු වෙන්න ඕනේ මේ අන්තවාදීන්ට එරෙහිව...
ඉතාම හිතකර තීරණයක්...
අන්තිමට ගෝඨට දෙන්න කියයි. එතකොට මෙයා දේශප්‍රේමියෙක්. ජාතික වීරයෙක්.
මෙයා හිටපු නඩු කාරයෙක්ලු නේද? නීතිය වගේද ජාතිය..?
සජිත්ට පක්ෂයි කිව්වොත් රට බෙදන යෝජනාවලට සජිත් එකඟ වුණු බව නිකන්ම අහුවෙනවා. ඉතින් සිංහල ඡන්ද නැහැ. එකඟ වුණු යෝජනා වලින් වැඩක් නැහැ.
මහජනයා මෝඩයි කියලා හිතන අය උතුරේ සහ දකුණේ දෙකේම ඉන්නවා. පක්ෂ නායකයෙක් කියන පළියට ඡන්දෙ දෙනවා නම් හෝ රැස්වීමේ ඉන්න ඔලු ගණනින් ඡන්දෙ දෙන ගාන කියනවනම් අද ලංකාවේ ආණ්ඩුව කරන්න ඕනේ ජවිපෙ.
ප්‍රේමදාසටත් මහත්තයාටත් තිබුනේ මේ ගතියම තමයි. ඒ නිසා අන්තිමට වන් මෑන් ෂෝ වුණා.
නොදන්නේ ඔවුන් විතරද? එතකොට සිංහල නායකයෝ.. ඔවුනුත් කියන්නේ අරයට දෙන්න, මෙයාට දෙන්න කියලා... මේ ඔක්කොම දේශපාලනේ දන්නා අය නෙමෙයි..
වාසු මොන පැත්තද? අන්න ඒ පැත්තට තමයි මෙයත් සහයෝගය දක්වන්නේ..!!!