IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කාන්තාවන් බිය ගන්නවා කොල්ල කෑ තිදෙනකු අල්ලයි

(සුමිත් ප්‍රේමතිලක )

පානදුර සහ වාද්දුව  ප්‍රදේශවල මහමග ගමන් ගන්නා කාන්තාවන්ට තියුණු ආයුධ එල්ලකර බියගන්වා  ජංගම දුරකථන සහ මුදල් කොල්ලකෑම් සිදුකළ සංවිධානාත්මක සොර කල්ලියක සාමාජිකයින්  තිදෙනෙකු අද (03) අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය කියයි .

මෙහිදී අත්අඩංගුවට පත්ව ඇත්තේ, පානදුර , පින්වත්ත සහ මොරොන්තුඩුව  ප්‍රදේශවල පදිංචි (27) , (31) සහ (32) හැවිරිදි  පුද්ගලයින් තිදෙනෙකු බව පොලිසිය කීය.

ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා  පරීක්ෂා කිරීමෙන් පසු තියුණු පිහි දෙකක් සහ මන්නයක් සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන සොරකම් කරන ලද නවීන ජංගම දුරකථන 2 ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් පානදුර ,එළුවිල , පින්වත්ත සහ වාද්දුව ප්‍රදේශවල කොල්ලකෑම් සිදුකර ඇති අතර , තදින් මත්කුඩු පානයට ඇබ්බැහිවී ඇති සැකකරුවන්  සොරකම් කල මුදල් මත්කුඩු පානයට වැයකර ඇතැයිද පොලිසිය කීය.

සැකකරුවන් පින්වත්ත පොලිසියට භාරදි ඇති අතර ,  පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි  .

කළුතර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජේෂ්ඨ  පොලිස් අධිකාරී අශෝක වීරක්කොඩි, සහකාර පොලිස් අධිකාරීවරුන් වන අර්ජුන් කොඩිකාර සහ ජනක කුමාර යන  මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එල්.ඒ.නයනජිත් මහතාගේ ප්‍රධානත්වයෙන්, උප පොලිස් පරීක්ෂක අතුල සැරයන් වරුන්වන   නෙළුම් බණ්ඩාර (30787) , සමන්තිලක (41104), කොස්තාපල්වරුන් වන ප්‍රසන්න (69479),  වසන්ත (69818) සහ පොකොරි , ප්‍රසංජන (97057) වැටලීමට එක්වූහ 

 



අදහස් (0)

කාන්තාවන් බිය ගන්නවා කොල්ල කෑ තිදෙනකු අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site