IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


සිසුවියකට අතවර කළැයි විදුහල්පතිවරයකු අත්අඩංගුවට

( දිනේෂ් උපේන්ද්‍ර)
                                                                                               
වයස අවුරුදු  17ක සිසුවියක් ලිංගික අතවරයට ලක්කළ බව කියන කුලියාපිටිය ප‍්‍රධාන පාසලක විදුහල්පතිවරයෙකු අද (25)  අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිස් ආරංචිමාර්ග පවසයි.
 
එම පාසැලෙහිම 12 ශ්‍රේණියේ ඉගනුම ලබන සිසුවියක් තරප්පු පේළියේදී අතවරයට ලක්කළ බැව් කියන සිද්ධියේ වින්ධිත දැරියගේ පැමිණිල්ල මත සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබිණි.
               
පැමිණිල්ල ලැබීමෙන් පසුව කුලියාපිටිය ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනිය අදාළ සිද්ධිය වූ බව කියන තරප්පු පෙළ හා ඒ  අවට පරිශ‍්‍රය  නිරීක්‍ෂණය කිරීමෙන් හා සිද්ධිය සම්බන්ධව කිහිපදෙනෙකුගෙන් සාක්කි සටහන් කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබූ අතර සැකකාර විදුහල්පතිවරයා ප‍්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව ඇත.
                

 



අදහස් (12)

සිසුවියකට අතවර කළැයි විදුහල්පතිවරයකු අත්අඩංගුවට

upul Monday, 25 February 2019 11:19 AM

දරුවන් පාසල් තුළදීත් අනාරක්ෂිත කාලයක්!!! අහෝ!!! රටකට ගිය කලක්...

:       6       240

Kamal Monday, 25 February 2019 12:32 PM

කෝ අර ජේ.වී.පී. ගුරු සංගමේ? විදුහල්පති නිදහස් කරන්න කියයිද?

:       1026       189

ravi Monday, 25 February 2019 12:35 PM

සමහර රටවල්වල අවුරුදු 10ක සිරදඬුවමක්... ඉන්පසු සදාකාලික වෘත්තීය තහනමකුත් ලැබෙනවා...

:       0       157

RaveendraMonday, 25 February 2019 02:29 PM

ravi මයා ඔබගේ අදහස් නිවැරදිය. එසේ සිර දඬුවම් ඉවර වුනත් ඇත්තෙන්ම මෙවන් නිවටයන් පිළිබඳව ඉතාම හොඳ නිරීක්ෂණයකින් අදාළ ආයතන සිටින අතර නැවත පාසල් පැත්ත පළාතේ වැද්ද ගන්නේද නැත. ඔවුන්වද පරිවාස කාලයකට යටත් වෙනවා.

:       0       124

AsankaMonday, 25 February 2019 05:38 PM

දන්නේ නැත්නම් හොයලා බලන්න

:       0       0

Sumith Monday, 25 February 2019 12:52 PM

අලුත් වයසක්ද?

:       0       6

Pitigala milano Monday, 25 February 2019 01:28 PM

මොනවා වුණත් දරුවන්ට සේවයක් කරන ගුරු පියෙක් නේ.. මේ වතාවේ සමාව දෙමු...

:       334       155

sandy123 Monday, 25 February 2019 02:36 PM

මේවා හෙන ගහන අපරාධ. අවශ්‍ය නම් යන්න තිබුනනේ ගණිකා නිවාසයකට... තමන්ගේ දුවක් වගේ කෙනෙක් පාසලක විදුහල්පතිවරයෙක් අතින් අතවර විඳින්න සිදුවීම කෙතරම් ඛේදනීයද? දිනපතා පන්සිල් පද ශ්‍රවණය වන පරිසරයක හිඳ මෙවන් දෙයක් කිරීම කෙතරම් නිහීනද? මෙවන් නරුමයන්ට රජ කාලේ දඬුවමක් දෙන්න බැරි ඇයි?

:       64       109

රවින් Monday, 25 February 2019 03:26 PM

අර ඉස්සර කරත්තේ බඳින ගවයන්ට කල වැඩේ තමයි කරන්න ඕනේ. 'ළමා අපචාරක' කියලා නළලේ පච්ච කෙටුවානම් තවත් හොඳයි. ගිය ගිය තැන ගැහුම් බැනුම් ගෙරවිලි ලැබෙනකොට තව කිසිවෙක් මෙවැනි වැඩ කරන්න පෙළඹෙන එකක් නැහැ.

:       0       43

h a dilrukshi Monday, 25 February 2019 03:40 PM

මෙවැනි තිරිසනුන් ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දැමිය යුතුයි. අහෝ රටකට ගිය කලක්.

:       1       31

Nishanthi Monday, 25 February 2019 04:02 PM

මේ වගේ අයට කිසිම සමාවක් දෙන්න එපා.අපි ගොඩක් විශ්වාසෙන් පාසල් යවන්නේ ළමයින්ව

:       0       20

wimal Monday, 25 February 2019 04:53 PM

මෙයාව බෙර ගන්නත් දැරිවියගේ දෙමාපියන්ට බලපෑම් කරන්නත් විදුහල්පතිගේ විනය හොඳයි කියන්නත් බොහෝ පිරිසක් සිටීවි.මෙහෙත් එහෙමයි.

:       0       122

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1282 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1230 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 447 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site