IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


වවුනියාවේ එජාප සංවිධායකට පහරදෙයි

(රොමේෂ් මධුෂංඛ)
 
දේශපාලන ආධාරකරුවන් පිරිසකගේ පහරදීමකින් වවුනියාව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක පී. ඒ. කරුණාදාස මහතා තුවාල ලබා, අද (18) රෝහල්ගත කර ඇතැයි වවුනියාව පොලීසිය පැවසීය.
 
තරුණයන් පිරිස වවුනියාව නෙඩුන්කුලමේ පිහිටි  සංවිධායකවරයාගේ නිවාස භූමියට රතිඤ්ඤා විසිකිරීමෙන් පසු ඔවුන් සමඟ ඇතිකරගත් බහින්බස් වීමක් දුරදිග ගොස් මෙම පහරදීම සිදුකර ඇතැයි පොලිසිය කියයි.
 
පහරදීමෙන් තුවාල ලැබූ සංවිධායකවරයා එම අවස්ථාවේදීම වවුනියාව මහරෝහලට ඇතුළත් කර ඇත.
 
පහරදුන් පිරිස පලා ගොස් ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණයක් අරඹා ඇති බවත් වවුනියාව පොලීසිය වැඩිදුරටත් පැවසීය.


 



අදහස් (5)

වවුනියාවේ එජාප සංවිධායකට පහරදෙයි

sugath Monday, 18 November 2019 12:42 PM

මේ දේශපාලන මැරයින් වහ අත්අඩංගුවට ගත යුතුයි. මිනිස්සු ඡන්දෙ දුන්නේ මැරයින්ට රජ කරන්ට නොවේ.

:       302       311

කරුණාවතී සීලවිමල Monday, 18 November 2019 01:16 PM

කරන්න එපා.

:       106       69

Shan Monday, 18 November 2019 01:39 PM

කිසිම කෙනෙක්ට අතක් උස්සන්න එපා. අපි කවුරුත් මහා පොළොවට පස් වෙන දවසක් තියෙනවා. කතා කරලා විසදගන්න.

:       120       124

සමන්ත Monday, 18 November 2019 03:34 PM

අප සියල්ල කරුණාදාස මහතාගේ ආරක්ෂාව සහ රැකවරණය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ඕනෑම දේශපාලන මතයක් දැරීමට සහ ඒ වෙනුවෙන් පෙනීසිටීමට ඕනෑම පුද්ගලයෙකුට අයිතියක් ඇත.

:       109       116

Gamarala Monday, 18 November 2019 03:49 PM

මේ කැත වැඩ කවුරුවත් කරන්න එපා. මෙය අපට නරක නාම දෙන්න කරන වැඩ. ප්‍රවේශම් වෙනු..!

:       93       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 65 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2015 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1560 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site