IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


යතුරුපැදි අනතුරින් නාවික සෙබළා මරුට

( එස් .ඩි .කොඩිකාර )

යතුරු පැදියකින් ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු එය පාලනය කරගත නොහැකිව  දෙණියාය  විහාරහේන  මාර්ගයේ   ඇති බෝක්කුවක් යටට ඇද වැටීමෙන් අද  (21)   මියගොස් ඇතැයි දෙනියාය පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ (35) හැවිරිදි මාකොළ ,නාවික හමුදා කදවුරට අනුයුක්තව සේවය කරන කෙහෙල් කොරටුව, ගැටබරු කන්ද ,කොටපොළ ලිපිනයේ පදිංචි හමුදා සෙබලෙකු බව පොලිසිය කියයි .

යතුරු පැදියේ ගමන්ගත් පසු පැදිකරු තුවාල ලබා දෙනියාය මූලික රෝහලේ වාට්ටු අංක 05 ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

යතුරුපැදිය අද  (21) අලුයම් කාලයේ  විහාරහේන ප්‍රදේශයේ සිට දෙනියාය දෙසට ගමන් කරමින් සිටින අතරතුර සිදු වී ඇතැයි මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇති බව පොලිසිය කියයි .

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද  (21) පැවැත්වීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් දෙනියාය පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි .

 



අදහස් (0)

යතුරුපැදි අනතුරින් නාවික සෙබළා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 74 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 876 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site