(සුජිත් හේවාජුලිගේ )
ආර්ථික ගැටළුවට විසඳුම් සෙවීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා උත්සාහයට හැකි උපරිමයෙන් සහය වන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (30) පොරොන්දු වූවාය.
ඇය මෙසේ පොරොන්දු වූයේ ජනාධිපතිවරයා කොළඹ කොටුව ජනපති මන්දිරයේදී ඊයේ (30) පස්වරුවේ හමුවූ අවස්ථාවේදීය.
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව වෙනුවෙන් කටයුතු කරන අතරේදී මානුෂීය ආධාර ලබාදෙමින් ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය සම්බන්ධයෙන් සිය ස්තූතිය පිරිනමන බව ජනාධිපතිවරයා තානාපතිවරියට පැවසුවේය.
ශ්‍රී ලංකාව මුහුණදී සිටින අර්බුදය ගැන අවබෝධයෙන් පසුවන බවත් කඩිනමින් රට යථා තත්වයට පත්වනු ඇතැයි විශ්වාසය පළ කරන බවත් ජූලි චන්ග් මහත්මිය මෙහිදී සඳහන් කළාය.
මේ අවස්ථාවට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක මහතාද සහභාගි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයගේ හැටි දන්නා නිසා ඇමරිකන් කාරයෝත් ආධාර දෙන්නම් කිය කියා මොවුන්ව රවට්ටනවා. ඒ අයට මතක ඇතිනේ ඡන්දෙ කාලේ තිබුණු ඇමරිකන් විරෝධය? ලංකාව, ඇමරිකාව අල්ලාගන්න හදනවා කියලා අපිත් හරියට බය වුණා. අර එක ටියුෂන් ගුරෙක් සිතියමකුත් ඇඳලා හරියට අපිව බය කළා. අම්මෝ! තව ටිකෙන් මේ ලෝකෙන් උතුම් රට ඇමරිකන් කාරයින්ට අයිති වෙනවා. ඒ ගැන දැන් මතක් වෙද්දීත්, බයට මාව වෙව්ලනවා.
ඔයා හමුබවුණු වෙලාවක ශේප්එකේ ආපහු ඇමෙරිකාවේ පුරවැසිකම ගන්න විදිහකුත් කතාකර ගත්තා නම් අන්තිම කාලේ දරු, මුණුබුරන් එක්ක සතුටින් ඉන්න තිබුණා...
ටියුශන් ගුරාට බොරුවක් හරි බොර්ඩ් එකෙ ලස්සනට අන්දල විස්තර කරල බලාගෙන ඉන්න ගොබ්බයො ටික අන්දවන්න පුලුවන්. නමුත් අපේ ගොබ්බසේන සර්ට ඒ්කත් බැහැ. ඔහු හිතන්නෙ වැඩ බැරි වුනත් දිගින් දිගටම බංකුවෙ වාඩිවෙලා හිටියම වාඩිවෙලා හිටියම අවුරුද්ද අන්තිමෙ O/L පාස් වෙනව කියල