IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අම්බලන්ගොඩ රිය අනතුරකින් 3ක් මරුට- 3ක් රෝහලේ

(දීපාල් ද සිල්වා)
 
අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයේදී අද(02) ත්‍රිරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් තිදෙනෙකු මියගොස්, තවත් තිදෙනෙකු බරපතල තුවාල  ලබා ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය කියයි.

හික්කඩුව සිට පැමිණි ත්‍රිරෝද රථ, කොළඹ  සිට මාතර බලා ධාවනය වූ බසයෙහි ගැටී මෙම අනතුර සිදුව තිබේ. බස් රථය අධික වේගයෙන් පැමිණීම හේතුවෙන් අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.

අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් තිදෙනෙකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. ත්‍රිරෝද රථයේ රියැදුරු ඇතුළු පුද්ගලයන් හයදෙනෙකු ගමන් කර ඇති බවද රියදුරු, ඔහුගේ බිරිඳ සහ දියණිය තුවාල ලබා ඇතැයිද අනාවරණය වී ඇත.
 
අනතුරට ලක්වූ ත්‍රි රෝද රථයේ ගමන් ගත් පිරිස බලපිටිය වලගෙදර පදිංචිකරුවෝ වෙති.



අදහස් (5)

අම්බලන්ගොඩ රිය අනතුරකින් 3ක් මරුට- 3ක් රෝහලේ

Bamunuarachchi Monday, 02 December 2019 12:34 PM

මගේ සාතිශය සංවේගය...!

:       0       28

nishantha Monday, 02 December 2019 12:34 PM

ලංකාවේ ත්‍රි රෝද රථ සම්පූර්ණයෙන්ම තහනම් කළොත් රිය අනතුරු සංඛ්‍යාව සියයට පනහකින් අනිවාර්යයෙන්ම අඩුකර ගතහැකි මෙන්ම අපරාධද ඉතාම අඩුවෙනවා ඇත. තවද තරුණ ශ්‍රමය රටට වැඩදායි කර ගැනීමටත් හැකිවනු නියතයි...

:       2       373

Bamunuarachchi Monday, 02 December 2019 12:38 PM

මේ ප්‍රයිවෙට් බස් කාරයෝ මිනිස්සුත් මරාගෙනයි යන්නේ.. ඩ්‍රයිව් කරන වේගෙට පපුවේ අමාරු හැදෙනවා. විදේශ සංචාරකයෙක්ගෙන් අහන්න මෙයාලා ගැන මතය... අපේ රෙදි ගැලවෙන්න අහගන්න පුළුවන්. වතාවක් මට ලැජ්ජාවේ පණ ගියා. මේ වගේ ජරා තුට්ටුදෙකේ සර්විස් එකක් මේ ලෝකේ කොහෙවත් නැතිව ඇති... ප්ලීස් ගෝඨාභය සර්, මේ කාලකන්නි ගාල් කරලා පුහුණු කරලා හදලා දෙන්න. යුද්ධය දිනුවාට සමාන සේවයක් වේවි...!

:       7       341

Senevirathne Monday, 02 December 2019 04:50 PM

මේ වනචාරී සතුන් එලවන මෙම බස් රථවල ශබ්දය සහ එම කලහකාරී සංගීතය අයිති වනචර ගායකයින්ද ඉවත් කළ යුතුයි.

:       0       77

මුණසිංහ Tuesday, 03 December 2019 01:40 AM

අපි හැමදාම කියන්නේ මාර්ග නීති හරියට ක්‍රියාත්මක කරවන්න පොලිසියේ දායකත්වයක් නැතිම ගානයි. මේවට පොලීසිය වග කියන්න ඕන. මාර්ග නීති අකුරටම ක්‍රියාත්මක කරවන්න. වමෙන් ඉස්සර කිරීම නීතිගත වෙලා වගෙයි දැන්. රියදුරන්ගේ විනය අන්තිමයි.

:       1       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 12 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site