
(ෂේන් සෙනෙවිරත්න සහ චමිල් රූපසිංහ)
පේරාදෙණිය ගන්නොරුව පාලම අසල සඟවා තිබූ බව කියන උණ්ඩ 24 ක් සහ හිස් පතරොම් ගැබක් නාවික හමුදාවේ බුද්ධි අංශ මඟින් සොයාගෙන පේරාදෙණිය පොලිසියට බාර දුන් බව නාවික හමුදාව කියයි .
නාවික හමුදු බුද්ධි අංශට ලැබුණු තොරතුරක් මත ගන්ණෝරුව පාලම මැද කොටසක තිබු උන්ඩ 23 ක් හා උණ්ඩ කොපුවක් පොලිස් බාරයට ගෙන තිබේ.
මෙම උණ්ඩ අතර M 16 උන්ඩ 15 ක්ද ,T 56 උණ්ඩ 4 ක්ද , 7.62 වර්ගයේ උණ්ඩ 3 ක්ද ,9 mm වර්ගයේ හිස් කොපුවක් ද, හදුනා නොගත් උණ්ඩයක් ද එ අතර තිබු බව පේරාදෙණිය පොලිසිය පවසයි.
පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විජිත විජේකෝන් මහතාගේ උපදෙස් මත පේරාදෙණිය පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුරේෂ් කුමාර මහතා ඇතුලු පිරිසක් විමර්ශන සිදුකරනු ලබන බව පේරාදෙණිය පොලිසිය පවසයි.
(ඡායාරූප චමිල් රූපසිංහ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd