(තිළිණි ද සිල්වා)
පිළිකා රෝගීන් සඳහා ලබා දීමට රුසියාවෙන් ගෙන්වූ එන්නත රෝගීන්ට නියම නොකරන විටදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් එම බෙහෙත නියම කරන ලෙසට බල කරන අවස්ථාවන්ද තිබූනේ යැයි මහරගම පිළිකා රෝහලේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය දමයන්ති පීරිස් මහත්මිය ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් අද (08) පැවසුවාය.
පිළිකා රෝගීන් සඳහා වන එන්නත් ප‍්‍රමිතියෙන් තොර හා වැඩි මිලකට රුසියාවෙන් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන පැමිණිල්ලේ වැඩිදුර විභාගයේදී එම කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල පරීක්ෂණ මඩුල්ලක් හමුවේ සාක්කි ලබා දෙමින් එම විශේෂඥ වෛද්‍යවරිය මේ බව කියා සිටියාය.
එහිදී ජනාධිපති කොමිසම හමුවේ සාක්කි දෙමින් විශේෂඥ වෛද්‍ය දමයන්ති පිරිස් මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ එසේ ගෙන්වා ඇති එන්නත පියයුරු පිළිකා මුල් අවස්ථාවේදී එන්නත් නොකළ යුතු බෙහෙතක් බව හඳුනාගත් බවය.
බෙහෝ අවස්ථාවල එම එන්තන භාවිත නොකරන්නේ කුමක්දැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධවේදීන් ගෙන් තමන් විමසන බවත් එම බෙහෙත එන්නත් කර රෝගීන්ට ආසාධන ඇති වූ අවස්ථාවලදී ඒ බව තමන්ම වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දුන් බවත් විශේෂඥ වෛද්‍ය දමයන්ති පීරිස් මහත්මිය කොමිසම හමුවේ පැවසුවාය.
මෙම එන්නත් සිද්ධිය ගැන ජනාධිපති කොමිසම හමුවේ සාක්කි දුන් විශේෂඥ වෛද්‍ය ගිහාන් ගුණසේකර මහතාද තමන්ද සාක්කි දීම නිසා ඉහළ නිලධාරීන්ගෙන් ඇති විය හැකි බලපෑම් හා තර්ජන සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයකින් පසුවන බවත් විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් කොමිසම හමුවේ කියා සිටියාය.
එම අවස්ථාවේදී ජනාධිපති කොමිසමේ සභාපති හිටපු විනිසුරු උපාලි අබේරත්න මහතා කියා සිටියේ කොමිසමට පවරා ඇති බලතල අනුව සාක්කි දෙන කිසියම් අයෙකුට බලපෑම් එල්ල කළහොත් එවැනි අයගේ රැකියාව පවා අහිමි කිරීමට සාමාන්‍ය නීතිය යටතේ පියවර ගත හැකි බවයි.
කොමිසමේ නිල කාලය අවසන් වුවත් අනාගතයේ හෝ සාක්කිකරුවන් ආරක්ෂා කිරීමේ අයිතිය කිසිදු අවස්ථාවකදී අහෝසි නොවන බවද කොමිසමේ සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
පිළිකා රෝගීන් සඳහා වන එන්නත් ප‍්‍රමිතියෙන් තොර හා වැඩි මිලකට රුසියාවෙන් ගෙන්වීමේ වංචා සිද්ධිය සම්බන්ධයෙන් වන පැමිණිල්ලේ වැඩිදුර විභාගය ලබන 16 දිනට කල් තබන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස් අධ්‍යාපනයෙන් ඉහළටම ඉගෙනගෙන එසේ එය ලබාදීමට අනේකවිධ දුක් ගැහට විඳ බදුමුදල් ගෙවපු සහ ගෙවමින් සිටින අහිංසක මිනිසුන්ගේ ජීවිතද ලොකු? කොහෙවත් යන ඉහළ නිලධාරීන් යයි කියන්නන්ද වඩාත් වැදගත් වන්නේ.. යන්න අප මෙම දොස්තර නෝනාගෙන් විමසීමට කැමැත්තෙමු. තව එක් කරුණක් විමසීමට කැමැත්තෙමු. අහිංසක රෝගීන්ට සයනයිඩ් දෙන්න කිව්වොත් ඔය කියන පහත් ඉහළ නිලධාරීන්... දොස්තර නෝනා එසේ කරනවාද? තමන්ගේ විශේෂඥ වෛද්‍යකම මොනතරම් බාල්දු කර ඇද්ද යන්න ඔහේම සිතා බලන්නකෝ... කාර් පර්මිට් එකට හෝ වෙනත් පහසුකම් වලට අඩුවක් වුනොත් රෙද්ද, කලිසම උස්සගෙන වර්ජන, තර්ජන දොස්තර නෝනලා මහත්තයලා ඔය කරේ එල්ලගෙන සිටින නලාව දෙහි අත්තක එල්ලනවා හොඳයි.. ඔහෙලගේ වෘත්තිය මොනතරම් පහත්ද බලනකොට.. ලැජ්ජයි ලැජ්ජයි ගෙදර යනකොට අර මොකක්ද බුර්කාවක්ද කියන කළු රෙද්දෙන් මුළු සර්වාංගයම වහගෙනම යන්න හොඳේ...
ලෝකයේ වඩාත් දූෂණයට ලක්ව ඇති ව්‍යාපාරය ඖෂධ ව්‍යාපාරයයි. එය අවිආයුධ ව්‍යාපාරයටත් වඩා දූෂිත බව සොයාගෙන තිබෙනවා. අපේ ඡන්දයෙන් වැජඹෙන උතුමන්ගේ වැඩ ගැන තව කවර කතාද? රටක් වටිනා වෛද්‍යතුමියට දෙවියන්ගේම පිහිටයි...
රවීන්ද්‍ර ඔබ හොඳටම පටලවාගෙන... මේ දොස්තර නෝනා තමන්ගේ ජීවිතයට ඇති අවධානමද නොසලකා තමයි සාක්කි දෙන්නේ... ඔය ඖෂධ ගෙන්වීම් මෙන්ම දීමට බලකිරීම පිටුපස සිටින්නේ සුවපති සහ සහචරයන් බව තේරෙනවද? මේ දොස්තර නෝනා ඒවා ලෙඩ්ඩුන්ට දීමට එරෙහි වූ ඒ සඳහා සටන් කරන කෙනෙක්...
ඉහළින් කියන්නේ ඔය බෙහෙත ගෙන්වපු " දතා " නොහොත් රට කන දතා...
රවීන්ද්‍ර මහත්මයා, රාජිත ඇමතිගේ හොරකම් අහුවෙන කොට හොඳටම රිදිලා වගේයි නේද? සිරිකොත දවස් පඩිය කීයද ඔබතුමාට? මේ දොස්තරතුමා මේ තරම් තර්ජන තියෙනවිට ඇවිත් බලය තියෙන රජයේ ඇමතිට විරුද්ධව සාක්ෂි දෙන එකට අපි නම් ආඩම්බරයි. ඔබට රිදෙන හේතුව අපිට පැහැදිලියි.
අහිංසක මිනිසුන්ගේ සල්ලි ගසා කන අයට වැහි නැති හෙන පාත් වෙන්න ඔනේ.
අපේ රටට නම් කවම කවදාවත් හොදක් වෙන්නේ නැහැ මේ ජඩ දේශපාලකයින් සහ නිලධාරින් ඉන්න තාක්කල්. හොරකම ගෙනියනවා හරියට වාසගම වගේ. කරුණාකර මෙය සංස්කරණය නොකර පල කරන මෙන් ආයාචනය කරමි. පවුලේ සය දෙනෙක් මේ රෝගයට මිය ගිය නිසා මෙය කෙතරම් වේදනාවක්ද යන වග මම හොදින් හදුනමි.
අපේ සෞඛ්‍ය ඇමතිතුමා තමයි ඉස්සර යුද්ධය තිබුන කාලයේ තමන් මන්ත්‍රී කෙනෙක් හැටියට ඉඳගෙනත් බාල බෙහෙත් හමුදාවට ගෙන්නලා දීල අහුවෙලා මන්ත්‍රීකම නැතිකරගත්තේ. ඉතින් එහෙම තුමාට සෞඛ්‍ය ඇමතිකමම දුන්නාම කොහොමට වැඩ පෙන්නාවිද කියන එක ඔය සෞඛ්‍ය ඇමතිකම් දීපු උදවිය හිතන්න තිබුනා.
මේවා දකිනකොට අපේ රටේ ඉන්නේ මිනිස්සුද හරක්ද කියලා හිතෙනවා. මේවා නොවිසුදුන ප්‍රශ්න කවදාවත් මේ දෙගොල්ලම ඉන්න කම් මේ ක්‍රමය මෙහෙමම තමා අනුකම්පා විරහිතව ජනතාවගේ මලකදන් එක සෙල්ලම් කරන එකට යොදාගෙන ඉන්නේ දේශපාලන පිල් බෙදීම ..
රාජිත උන්නැහෙ හෙට මාධ්‍ය හමුවක් තියලා කියයි මේක පිටිපස්සෙ ඉන්නෙ ගෝඨාභය කියල.
අපේ රටට නම් කවම කවදාවත් හොදක් වෙන්නේ නැහැ මේ අසමජ්ජාති අසික්කිත ජඩ දේශපාලකයින් සහ නිලධාරින් ඉන්න තාක්කල්. හොරකම ගෙනියනවා හරියට වාසගම වගේ. මේ වගේ මුළු ජීවිත කාලයම විදවන මරණය අතේ තියාගෙන ජීවත්වෙන අහිංසක රෝගීන්ගේ ජීවිත සමග සෙල්ලම් කරන මේ අය පාරේ ඇදන් යන්න ඕනේ. පවුලේ සය දෙනෙක් මේ රෝගයට මිය ගිය නිසා මෙය කෙතරම් වේදනාවක්ද යන වග මම හොදින් හදුනමි.
මම ඔය වෛද්‍යතුමිය දන්නවා. ඇය අපේ රටට සම්පතක්. මේ දේශපාලුවන් නිසා මෙවැනි වෛද්‍යවරු අපිට අහිමි වෙන්නත් පුළුවන්. ඔවුන්ට පුළුවන් පිටරටකට ගිහිල්ලා ලොකු මුදලකට තම සේවය ලබා දෙන්න. ඒත් අසරණ රෝගීන් වෙනුවෙන් ලංකාවේ ඉඳගෙන ඔවුන් කරන මේ සේවය ගැන අප ඔවුන්ට සදා ණයගැතියි. එතුමිය මේ පෙනී සිටින්නේ අහිංසක රෝගීන් වෙනුවෙන්. මරණය දැක දැක ඉන්න අසරණ රෝගීන්ට නුසුදුසු බෙහෙත් නියම කරන්න තරම් ඇය දුෂ්ට චරිතයක් නෙමෙයි. ඇය සඳහන් කර තියෙනවා මේ රෝගීන්ට මෙවැනි බෙහෙත් ලබා දීමෙන් ඔවුන්ට ඇතිවන අතුරුපල ප්‍රතිඵල මොනවාද කියලා.