(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජූලිගේ)
දැනට අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පතිවරයා එම ධූරයෙන් ඉවත්කිරීමට විපක්ෂය කැමැත්ත පළකරන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තු කමිටුවක් පත්කිරීමට සූදානම් යැයි සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ බව පැවසූ සභානායකවරයා මෙසේද කීය.
“පොලිස්පති ඉවත්කිරීමට නොහැකිවීම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා ආපු එකක් නෙමෙයි. ඊට කලින් සිට පවතින රාජ්‍ය නිලධාරීන් ඉවත් කිරීමේ පනතට අනුව එය කළ යුත්තේ.
ඒ පනත යටතේ පොලිස්පති ඉවත් කිරීමට නම් පාර්ලිමේන්තුවේ කමිටුවක් පත්කළ යුතුයි. එම කමිටුව ඔහු වැරදිකාරයෙක් කළොත් ඉන්පසුව ඒ සම්බන්ධ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ආ යුතුයි. එම ක්‍රමවේදය මිස 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මීට බලපාන්නේ නැහැ.”
මෙහිදී වෙසක් උත්සවය ගැන කරුණු දැක්වූ සභානායකවරයා මෙසේ ද කීය.
“අගමැතිතුමා ඊයේ මල්වතු, අස්ගිරි මහානායක හිමිවරු හමුවීමට ගියා. එහිදී මහානායක හිමිවරු විහාරාධිපති හිමිවරු කැමති ආකාරයකට වෙසක් උත්සවය පැවැත්වීමට අවසර දුන්නා. රජය ඊට මැදිහත්වෙන්නේ නැහැ. නමුත් අවශ්‍ය උදව් ආධාර දෙනවා. රජය කිසිදෙයකට තහංචි පනවන්නේ නැහැ. ගම්වාසීන් හා එකතු වී විහාරාධිපති හිමිවරුන්ට කැමති ලෙස කටයුතු කළ හැකියි.”
COMMENTS
ඇල්ලක් වුනත් වැඩකට නැති ඇල්ලකි.. ගැලුවොත් ගලන්නේ පල්දෝරුය සැමවිටම.. ඇරියොත් කට කියන්නේ නම් මම සුදනාය.. මෙවන් ගොන්නු කුමකට යැව්වද දියවන්නාවට..
දැනට තිබෙන තොරතුරු පරිදි පොලිස්පතිවරයා මේ පිළිබඳව දැන සිටි අතර, ඔහු ඒ පිළිබඳව ජේෂ්ඨ පොලිස් නිලධාරීන්ට දැනුම් දී තිබුන නමුත්, මේ ම්ලේච්ඡ ප්‍රහාර වළක්වා ගත නොහැකි වුණා. මා සිතන්නේ මෙවැනි දෙයක් අවසාන වගකීම ඇත්තේ පොලිස්පතිවරයා සතුව බැවින්, සදාචාරාත්මක වශයෙන් තව දුරටත් තනතුරේ සිටිනවද, නැද්ද යන්න තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තු කමිටුවක් නොව, පොලිස්පතිවරයා විසින්මයි.
ඉතින් රවීන්ද්‍ර කාගෙද වැරැද්ද? අපිමනේ පත් කරලා යැව්වේ. අනිත් සැරේ කල්පනාවෙන් කතිරෙ ගහමු.
එක. එක්කෙනාව එලවන්න ගිහින් හමුදාවයි, පොලිසියයි, ජනතාවයි. එකතුවෙලා 225 එලෙව්වොත් මොකද කියන්නේ? හැමදාම නත්තල් නැහැ කියලා හිතන්න. හැන්ද තියෙන්නේ ජනතාව අතේ...
විපක්ෂය කැමති නම් කරන්නම්ලු. එක්කෝ විපක්ෂයටම ආණ්ඩුව දීලා ගෙදරම ගියා නම් හොඳ නැද්ද? අායෙත් මේ වගේ අයත් එක්ක යූ.එන්.පී එක නම් තව අවුරුදු 20කටවත් බලේට නම් එන්නේ නෑ.
පාර්ලිමේන්තු 225ත් එක්කම ගෙදර යවන්න කාලේ ඇවිත්.
කමිටු කමිටු කමිටු හැමදාම... දඬුවම් දුන් කෙනෙක් නෑ.
වග කියන්න ඕනේ පොලිස්පති විතරද? මී හරක් පට්ටියේ මහ අය අදාළ නැද්ද?
වෙසක් උත්සවේ නායක උන්නාංසේලාට කැමති ආකාරෙකට තියන්න අවසර දුන්නැයි කියන්නේ අපෙ අගමැතිතුමා! බලන්න මොනතරම් අගේද කියලා..!
තවත් ක්‍රමයක් කාලය කන්න...
එ්ක ඇත්ත හිච්චිමහත්තයෝ.... ඉල්ලා අස්වුණු එක ගැන කිව්වෙත්, හෝටල් වල ආරක්ෂාව හෝටල් වලම කර ගන්න කියලා... මේ කතාවනේ.
ඇයි ඕන ගොනෙකුට එයාව ගෙදර යවන්න බැරිද?
නුඹලාව ඉවත් කරන්න සිංහල අපි කෝටියක් ජනතාවගේ කමිටුවක් පත් කළා. මෙදා සැරේ එජාපෙ නායකයොත් සමග වලපල්ලට. කාටද ආඩම්බර? සිංහල අපි කඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඔබලාත් එකතුවී අපේ යුනිටි එක රට පෙන්වන්න.
පොලිස්පති ඉවත්කරන්න මොකද්ද පොලිස්පති කළ වරද? ආ ඇයි පොලිස්පති දැන දැන තිරුපති ගිහින් නිසාද?
මේ ගොල්ලන්ගේ වැරදි පොලිස්පතිගෙන් යවන්නයි හදන්නේ ජනතාව අවධියෙන් බලමු..
හොරු රකින්න, රැකෙන්න පොලිස්පති ගෙදර යවන්නද හදන්නේ? ඔක්කොමලා තිරුපති යන්නේ...
පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම මහපොළොව උහුලන්නේ නැති හෙනගහන අපරාධයක් කරන අයට සහගානවා..
මේ වගේ ආණ්ඩුවක් කොටි ඉන්න කාලේ තිබුණානම්,