(පැතුම් දර්ශන)
සිය කුඩම්මාගෙන් සිදුවන හිරිහැර දරා ගත නොහැකි වූ වයස අවුරුදු 11ක දැරියක් තනිවම පොලිසියට පැමිණි බව හොරොව්පොතාන පොලිසිය කියයි.
දැරියගේ මව මීට අවුරුදු පහකට පමණ පෙර මියගොස් ඇති අතර පසුව ඇගේ පියා දියණියක් සිටින වැන්දඹු කාන්තාවක් විවාහ කරගෙන සිටින බව පොලීසිය පවසයි.
කුඩම්මා ඇගේ දියණියට ඉතා ආදරයෙන් සලකන බවත් තමන්ට බැණ වදිමින් හිරිහැර කරන බවත් දැරිය පොලිසියට පැමිණ පවසා ඇති අතර කුඩම්මා විසින් සිදුකරන හිරිහැර ඉවසා ගත නොහැකි තැන මෙලෙස පොලීසියට පැමිණි බව දැරිය හඬමින් පැවසූ බව පොලීසිය කියයි.
දෑරියගේ නිවසේ සිට පොලිසියට කිලෝමීටර් හතරක පමණ දුරක් ඇති බව පවසන පොලිසිය ඇය පා ගමනින් එම දුර ගෙවා ගෙන පැමිණ මෙම පැමිණිල්ල සිදුකර ඇති බවද කියයි.
ඒ අනුව දැරියගේ කුඩම්මා වන හතළිස් එක් හැවිරිදි කාන්තාවක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට(05) ඇය සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදුකිරීමට නියමිතය.
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද මහතාගේ අධික්ෂණය යටතේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක රංජනී මහත්මිය ඇතුළු නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරති.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.