
(මහින්ද නිශ්ශංක)
ඉන්දියාවේ කුකුළු ගොවිපළ පහකින් දිනකට බිත්තර ලක්ෂ දහය බැගින් ආනයනය කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.
ඉන්දියාවේ කුකුළු ගොවිපළ දෙකකින් බිත්තර ආනයනය සිදු කළ බව පවසන සභාපති එයට අමතරව ඉන්දියාවේ තවත් ගොවිපළ තුනකින් බිත්තර මිල දී ගැනීමට සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇතැයි ද කීය,
ඉන්දියාවේ කුකුළු ගොවිපළ පරීක්ෂා කිරීමේ සංචාරයක නිරත වූ සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ හා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ නිලධාරීන් තිදෙනා ලබා දී තිබූ වාර්තාව අනුව අලුතෙන් තවත් ගොවිපළ තුනකින් බිත්තර ගෙන්වීමට මෙසේ අවසරය ලැබුණු බව ද සභාපති ආසිරි මහතා වැඩිදුරටත් කියා සිටියේය.
දිනකට ලක්ෂ දහය බැගින් ආනයනය කරන බිත්තර බේකරි, හෝටල්වලට බෙදා හැරීමට සැලසුම් කර ඇතැයි ද ඔහු කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම හැම රෙද්දම ඩොලර් දීල රටින් ගේන්න නම් මොකටද පදුරු ගනනක් ඇමතියෝ. ඔය වෙළඳ ඇමතියා මුලින්ම ඇදුම ගලවලා ගෙදර යවන්න ඕන.
මේ ඕඩරයට සම්බන්ධ දේශපාලකයා කවුද දන්නේ නෑ. මෙයාලගේ හොරකම් නිසා මඩිය තද කරගන්න බිත්තර පිටරටින් ගෙන්නලා අපේ මිනිසුන් මරන්න යන්නේ හොයා ගන්න බැරි ලෙඩ හදලා. අපේ අසරන ෆාම් කාරයින්ගේ ගොවිපොලවල් ටික වහලා රස්ස නැති කරලා මුන් පොහොසත් වෙනවා පිටරටින් බිත්තර ගෙනත්. ඔය පිටරටින් බිත්තර ගේන වෙලේ කුකුල් කෑම ටික ගෙන්නලා සාධාරන ගානකට ගොවිපොලවලට දීලා ෆාම් කරන අය දිරිමත් කරලා රටේ අයගේ අවශ්‍යතාවයට මුල් තැන දෙන්න පුලුවන් විදියක් සලස්සවන්න බැරිද අපිට. අපේ කෘශිකර්මය / සත්ව ගොවිපොල පාලනය ඉගෙන ගත්තු දරුවෝ පිටරට යනවා මේ දරුවන්ගේ දැනුම ප්‍රයෝජනයට අරන් මොනවද අපිට කරන්න බැරි. සියලුදේ ස්වාභික සම්පත් තියන අපේ රට දියුනු කරන්න බැරි කාලකන්නි 225 නිසා. උගත්තු යනවා රටවලට. ජනාධිපති 2040 රට ගොඩ ගන්නවා. මේ විදියට ගියොත් රටක් තියේවිද??
මේ සිදුවෙන්නේ විශාල වරදක්. නමුත් ඊට වගකිව යුත්තේ ලංකාවේ බිත්තර නිශ්පාදකයින්මයි. ඔවුන් වැඩි මිලට විකිනීම සඳහා බිත්තර හැංගුවා. විනාශ කළා. දැන් වෙන්නෙ අපට නිශ්පාදනය කරගන්න පුලුවන් දේ පිටරටින් ගේන එක. අන්තිමට රටේ නිශ්පාදනය හාන්සි. ගෙන්වන අය කොමිස් වලට රහ වැටිලා ඇත්තෙ
යකෝ මිනිස්සු කන්න නැතුව මන්ද පෝෂනෙන් ඉන්නවා. හෝටල් වලට බෙදලා දෙන්නේ කේක් කවන්නද?