IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කුඩාවැල්ලෙන් පැනගිය සැකකරු කෑගල්ලෙන් අල්ලයි

තරිඳු ජයවර්ධන
 
කුඩාවැල්ල ධීවර වරායේදී වෙඩි තබා හතර දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන දින හතක් නිල නොවන ලෙස රඳවාගෙන සිටියදී පැන ගියැයි කියන සැකකරුවකු   කෑගල්ලේදී අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි.

 
කුඩාවැල්ල ධීවර වරායේ වෙඩි තැබීමේ සිද්ධියට දකුණු පළාත් සභා මන්ත්‍රීවරයකු  සම්බන්ධ බවට ප්‍රකාශයක් කරන්නැයි තංගල්ල පොලිස් නිලධාරීන් පිරිසක්  තමා නීතී විරෝධීව රඳවාගෙන පහර දුන් බව සැකකරු කෑගල්ල පොලිසියට කියා තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
 
කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට දුරකතනෙයන් ලැබුණු තොරතුරක් අනුව  කෑගල්ල බස් නැවතුම්පොළ ආසන්න වැසිකිලියක් පිටුපස සැඟවී සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 
ජනවාරි නව වැනි දා කේඩීඑච් වෑන් රියකින් පැමිණි පොලිසියේ පිරිසක් හක්මන පාරේ වහරක්ගොඩදී තමා අත්අඩංගුවට ගෙන තංගල්ල කොට්ඨාස අපරාධ ඒකකය පිටුපස නිවසක දින නවයක් පමණ රඳවාගෙන සිටි බවත්, කුඩාවැල්ලේ වෙඩි තැබීමට දකුණු පළාත් සභා මන්ත්‍රීවරයකු සම්බන්ධ බවට ප්‍රකාශ කරන ලෙස පහර දුන් බවත් සැකකරු ප්‍රකාශ කර තිබේ. එලෙස ප්‍රකාශයක් ලබා නොදුනහොත් අයුධ සොයා ගැනීමට කියා රැගෙන ගොස් වෙඩි තබා මරා දමන බවට පොලිසියෙන් තර්ජනය කළ බව ද, තංගල්ල පොලිස් ප්‍රධානියකු හමුවට තමා යොමු කළ විට රඳවාගෙන පහරදීම ගැන හා බොරු ප්‍රකාශ ලබාදිය නොහැකි බව  සඳහන් කළ බව ද සැකකරු කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලබා දුන් ප්‍රකාශයේ සඳහන් වේ.
 
ඉන් පසු 2019 ජනවාරි 18 වැනි දා උදේ වැසිකිලියට යෑමට යැයි කියා අත්මාංචු  ගලවාගෙන ජනේලයෙන් පැන ගිය බවත් සැකකරු ප්‍රකාශ කර තිබේ. ඔහු කෑගල්ලේ රැඳීසිටීමට හේතුවක් ප්‍රකාශ නොකිරීම නිසා සැකපිට අත්අඩංගුවට ගත් බව ද පොලිසිය සඳහන් කරයි.
 
පොලිසියෙන් තමාට පහර දුන් බව හා දින නවයක් තිස්සේ අත්මාංචු දමා තිබූ බව කී හෙයින් ඔහු අධිකරණ වෛද්‍ය නිලධාරියකුට ඉදිරිපත් කළ බවත් ඔහුගේ ශරීරයේ තැලුම් තුවාල ඇතැයි එම වෛද්‍ය වාර්තාවේ සඳහන් වන බවත් පොලිසිය කියයි. 



අදහස් (0)

කුඩාවැල්ලෙන් පැනගිය සැකකරු කෑගල්ලෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site