ලන්ඩන්හිදීය (ඒ.එෆ්.පී.)
තමන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම් (අමාත්‍ය) මැතිව් හැන්කොක් මහතා අද (27) පැවැසීය.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් තමන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ප්‍රකාශ කර පැය කිහිපයකට සෞඛ්‍ය අමාත්‍යවරයාද එලෙස තමන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි කීවේය.
‘‘මට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වුණා. වෛද්‍ය උපදෙස් අනුව මස දැන් ස්වයං-නිරෝධායනයට යොමු වී සිටිනවා. මම නිවසේ සිට වැඩ කරනවා. වාසනාවකට මට තිබෙන්නේ ඉතාම සුළු රෝග ලක්ෂණ’’ යැයි සෞඛ්‍ය අමාත්‍ය හැන්කොක් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඒ.එෆ්.පී.
055



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.