මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා යනු දේශපාලන පත්වීමක් බවත් මේ පත්වී සිටින එක් අයෙකුවත් රාජ්‍ය සේවයේ අවුරුදු ගණනක පළපුරුද්දක් තිබෙන අය නොවන බවත් මෙම පත්වීම් ජනාධිපතිවරයා දීපු පත්වීම් නිසා ඩොලර් මිලියන දෙකයි දශම පහක මුදලක් වැරදි ගිණුමකට ගියා යැයි කියන සිද්ධියට රජය වග කිව යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පා.ම. නාමල් රජපක්ෂ මහතා පවසයි.
“ තමන් බලයට ඇවිල්ලා හොරකම් කරලා වංචා කරලා මිනිසුන්ගේ මහජන මුදල් විනාශ කරලා ඒක වහගන්න තව බොරුවක් කියනවා. ඉතින් ඒක හන්දා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මේකට වගකියන්න ඕන. තමන්ට දැන් අත හෝදගන්න බෑ මේ මුදල් ගියපු ගිණුම මම දන්නෑ කියලා. අර පෞද්ගලික බැංකුවකින් බිලියන 13ක් ද 14 ක්ද එළියට අරගෙන තියෙනවා. මුදල් අමාත්‍යංශයට හෝ මහා බැංකුවට සාමාන්‍ය පුරවැසියෙක් ගිහිල්ලා ලක්ෂයක් දැම්මත් ප්‍රශ්න දාහක් අහනවා. ක්‍රෙඩිට් කාඞ් එකකින් ගිහිල්ලා ඉස්කෝලෙ ළමයිට පොත් ටික අරගත්තත් අහනවා කොහෙන්ද සල්ලි කියලා. එහෙම අහන රටේ බැංකුවකින් බිලියන 13ක් එළියට අරගන්නකම් ප්‍රශ්න අහල නෑ එහෙම තියෙන රටක මුදල් අමාත්‍යාංශයෙන් ඩොලර් මිලියන දෙකයි දශම පහක් වැරදි ගිණුමකට දානකම් ප්‍රශ්න අහල නෑ. එහෙව් රටේ තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඩොලර් ලක්ෂ හයක් වෙන ගිණුමකට දානකන් ප්‍රශ්න අහලා නෑ. ඒ ඔක්කොම පැත්තකින් තියන්නකෝ එදා එකට දෙපාරක් ගෙවලා දෙපාරක් ගෙවලා. ඒක දන්නෙත් නෑ ඉතිං හරි පව් මේ අය එහෙම බැලුවම. ”
මේ අතර මුදල් අමාත්‍යංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා ද්විත්ව පුරවැසියෙකු යැයි චෝදනා ලැබීම ගැන ද නාමල් රාජපක්ෂ මහතා අදහස් පළ කළේය.
“ජේවීපී එකේ ද්විත්ව පුරවැසිභාවය තියෙන අය ඉන්නවද? මං හිතුවේ රාජපක්ෂ පවුල විතරයි එහෙම කියලා. එදා අපිට චෝදනා කරා අපි ඒවාට මුහුණ දුන්නා දැන් ඔවුන් ද්විත්ව පුරවැසි භාවය තියනවද නැද්ද කියන එක සනාථ කරන්න ඕන. හැබැයි ඔහු ද්විත්ව පුරවැසියෙක් නම් පාර්ලිමේන්තුව නියෝජනය කරලා තියෙනවා, බොරු කියලා තියෙනවා. බොරු කියන එක මේ ආණ්ඩුවට සාමාන්‍ය දෙයක්. ජේවීපී එකට සාමාන්‍ය දෙයක් හැබැයි ඔහු ද්විත්ව පුරවැසියෙක් නම් ඔහු කතානායකවරයාට සහ මේ රටට රටේ ජනතාවට නැවත වතාවක් බොරු කියල තියෙනවා. කට්ටියක් උපාධි ගැන බොරු කිව්වා. සමහරු දැන් ද්විත්ව පුරවැසිභාවය ගැන බොරු කියනවා. කිව්වේ ඉතින් ද්විත්ව පුරවැසිභාවයේ ඉන්නේ රාජපක්ෂ පවුලේ අය විතරයි කියලනේ .” නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
අනෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ අද (30දා) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැන්ඩෝරා පත්‍රිකා මගින් එළිවෙච්ච, නිරුපමාගේ විදේශ ගිණුම් වල තියෙන ඩොලර් මිලියන ගාණ ඒ ගිණුමට ආපු විදිහ කියලා හිටහල්ලා බොරුවට බෙරිහන් දෙන්නේ නැතිව
පුද්ගලික බැංකුවක ගණුදෙණුවකට කොහොමද මුදල් අමත්‍යාංශයේ ලේකම් වගේ කියන්නේ. මේ කරන්නේ මිනිස්සු රැවටීම...
ලෝකයේ අපට වඩා දියුණු තාක්ෂණය තියෙන රටවල් වලිනුත් හැකර්ලා මුදල් අදිනවා. ඒ මොකුත් නැතුව චීන අශූචි නැවකට ඩොලර් මිලියන හයක් විතර ගෙව්වේ ඒ කාලයේ... කෝ ඒවා ගැන කට ඇරලා වචනයක් කිව්වද?
රට බංකොලොත් කරෙත් රාජපක්ෂලා නොවෙයි කියලත් කාටවත් කියන්න බැහැ.