
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ අක්‍රියව තිබු ජනන යන්ත්‍ර තුන අතරින් පළමු හා තුන්වන ජනන යන්ත්‍ර නැවතත් නිසි ලෙස තම විදුලිය නිෂ්පාදනය ආරම්භ කර ඇති බව විදුලි බල මණ්ඩල ඉහල නිළධාරීයකු විමසිමේදි අද(16 ) පැවසිය.
පසුගිය 9 දින ජාතික පද්ධතියෙ ඇතිවු තාක්ෂණික ගැටළුවක් හේතුවෙන් ලක්විජය බලාගාරයෙ ජනන යන්ත්‍ර තුනම එකවර නැවති යාමත් සමග විදුලිය කැපිමකට යාමට පවා සිදුව තිබුණි.
ජාතික පද්ධතියෙ ඇතිවු තාක්ෂණික ගැටළුවකට මෙලෙස ලක්විජය බලාගාරයෙ ජනන යන්ත්‍ර තුනම එකවර අක්‍රිය වු පලමු අවස්ථාව මෙය බව විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග පවසති.
කෙසේ වෙතත් ලක්විජය බලාගාරයෙ ඉංජීනේරුවන් කඩිනමින් ක්‍රියාත්මක වි නැවති ගිය ජනන යන්ත්‍ර අතරින් තුන්වන ජනන යන්ත්‍රය හා පලමු ජනන යන්ත්‍ර 15 දින දහවල් වන විටි යථා තත්වයට පත් කර ජාතික පද්ධතියට විදුලිය එක් කිරීමට කටයුතු කර තිබුනී.
කෙසේ වෙතත් මේ වන විටත් නැවති ඇති දෙවන ජනන යන්ත්‍රය යලි පන ගැන්විමට ලක්විජය බලාගාරයෙ ඉංජීනේරුවන් හා අනිකුත් කාර්ය මංඩලය කටයුතු කරමින් ඇති බව කියයි.
2025 නොවැම්බර් මස 04
307
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2128
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1617
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
“නොරෝච්චෝල‘ පළමු - තුන්වන ජනන යන්ත්‍ර යළි ක්‍රියාත්මකයි
ASELA Sunday, 16 February 2025 09:56 AM
කරුණාකර පැරණි ජනක යන්ත්‍ර ප්‍රතිස්ථාපනය කරන්න, මන්ද මෙය දීර්ඝකාලීන ප්‍රශ්නයක් ශ්‍රී ලංකාවයි.