(අංජුල මහික වීරරත්න)
තිදරු මවක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අපහාස වන ආකාරයේ ඡායාරූප පළ කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
ශිෂ්ට සම්පන්න සමාජයක් මාතෘත්වයට අපහාස නො කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරයා පවසයි.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මෙන්ම මාධ්‍ය පරිශීලකයන් අමතමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ අන් සියලු දේට වඩා මව යන සංකල්පය ඉහළ තැනක තබා කටයුතු කළ යුතු බවයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස අසලට පැමිණ විරෝධය පළ කරද්දී ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ අපහාසාත්මක ලෙස සංසරණය වීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තම නිවස අසලට පැමිණ විරෝධය දැක්වූයේ දේශපාලන ප්‍රශ්නයක් සඳහා වන හෙයින් එය ඊට අදාළ මතවාදයකින් විසඳා ගත යුතු බව කියන අග්‍රාමාත්‍යවරයා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ මාතෘත්වයට අපහාස වන ලෙස ක්‍රියා නොකළ යුතු බව වැඩි දුරටත් පවසයි.
COMMENTS
චායා රුප කතාව කොහොම වෙතත් මේ ගෑනු කෙනා අර සාරි ඇඳන් තාප්ප උඩ නැගගෙන කෑගහපු විදිය දැක්කහම මටනම් හිතුනේ මේ වගේ මෝඩ මිනිස්සුනේ මේ රටේ පාර්ලිමීන්තුවේ ඉඳලා තියෙන්නෙත් දැනට ඉන්නෙත් කියාලා. එයාගේ මහත්තයට වත් ලැජ්ජාවක් නැද්ද තමන්ගේ බිරිඳ මෝඩ පිස්සු ගෑනියෙක් වගේ දඟලන කොට. මහත්තයාගේ යාලුවෝ එයාට හිනා වෙන්නේ නැද්ද මෙයා කරන මේ විකාර වලට.
ඔබතුමා ලක් අම්ම කෙලෙසීම නවත්වන්න
එලෙසම ඒ කාන්තාවත් තම මාතෘත්වයට කැළලක් නොවන ලෙස හැසිරෙන්නේ නම් අගෙයි.
වෙන අයගේ පින්තූර ගැන වැඩක් නෑ. ඔයා කයිවාරු ගහගෙන කරන්න ආපු වැඩේ කරන්න. ඒක බැරිවෙලා පචවේගෙන එනකොට වෙන වෙන ඒවාට පැනල ලකුණු ගන්න හදනවා . ඔයාට හිරුනිකට දාපු පින්තූර පේනවා , ඔයාට දාන පින්තූර පෙන්නේ නෑ . අන්න ඒවාට උත්තර දෙන්න . පිං අගමැති . ලැජ්ජාව ගෑවිලාවත් නෑ..
එහෙනම් හිරුනිකාට දේශපාලනයට නොඑන්න තිබුණා....
හිරුනිකාගේ මාතෘත්වයට නෙවෙයි, ඇයට කියන්න මාතෘත්වයට අපහාස නොකරන.ලෙස.
" මාතෘත්වයට අපහාස කරන්න එපා " 100% එකඟයි අගමැති තුමනි.. මේ තේමාවට, facebook , youtube ඇතුළු මාධ්‍ය තුලින් පල කරන comments වලින් මාතෘත්වයට කරන නින්දා අපහාස සියල්ලක්ම ඇතුලත් විය යුතු බවත්, එම අපහාසාත්මක comments සඳහන් ගිණුම් වහාම අවලංගු කරන නීතියක්ද ඔබතුමා මූලිකව පැනවීමත් ඉතා අගේ කොට සලකමි. ඔබතුමාට ඡය!
රනිල් ගේ ලිබරල් දේශපාලන චින්තනයත් එක්ක මම සීයට සීයක් එකග නැහැ නමුත් මේ සිද්දියේදී ඔහුගේ මේ ප්‍රකාශයට මම හිස නමා ආචර කරනවා .මේ කතාව ගොබ්බ නන්දය එහෙම කිව්වනම් කියන්නේ " ඔය ඇවිල්ල තියෙන්නේ හ හ් ... හ හ් (අර ගොන් හිනාව ) මට විරුද්ද වෙලා ........හ හ් හ හ් (ගොබ්බ හිනාව )
කඩගානේ ඇවිදලා ආවේ කිසිම කඩේක හාල් ටිකක් ගන්න නෑ. බොරු පම්පෝරි ගහන්නේ නැතිව, මිනිස්සු බඩගින්නේ තියන්නේ නැතිව පුළුවන් කෙනෙකුට දීලා යන්න පින්සිද්ද වෙයි..
විශිෂ්ඨ ප්‍රතිචාරයක්... සහ වෘත්තීමය ක්‍රමයක්...
අන්න නියම මහත්මා ගුණය. රෙස්පෙක්ට් PM
මාතෘත්වය රැකගෙන ඉන්න දැනගන්නත් ඕනෙ. මොකක්හරිවෙල ඔය යුද්දෙ අස්සෙ රෙද්ද කැඩිල බිම වැටුනම් මාතෘත්වය නිකන් පීතෲ වෙලා යනව නෙ?
අපි මෙච්චර දවසක් හිතා ගෙන හිටියේ ඔබතුමා දන්නේ පීතෘත්වය පමණක් කියල.
සම්පුර්ණ ඇත්ත. ගෑනියෙක්ගේ පපුව පොඩ්ඩක් දැක්කොත් ඒකෙන් ආතල් ගන්නා අසහන කාරයෝ සෙට් එකක් ෆේස්බුක් එකේ ඉන්නේ. හරියට තමන් ඒවායින් කිරි බිව්වේ නැහැ වගේ.අක්කට නංගිට අම්මට එහෙම ඒවා නැහැ වගේ.
කරුණාකර මේවගේ අයට (හිරුණිකා) ජන්දේ දෙන්න එපා! ඇත්තටම මොවුන් රට විනාශය කරා ගෙනියන රුකඩ!!! මොවුන්ගේ හැසිරීම පෙරපාසැල් ළදරුවෝ වැනිය!
අන්න එහෙම ශේප් කරගන්න බලන්න. සංශෝධනේ ළඟ එනවනේ...
නෙගිටිව් මාකටින්
එයා මාතෘත්වය රැගන්න විදිහට තමයි අපහාස උපහාස ලැබෙන්නේ.
අපේ රටේ ඉන්න අය මෙයාව ආයෙත් බලයට ගෙනාවොත් පුදුමයක් නෙවෙයි..!