
(යොහාන් භාසුර)
ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රික් මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති පුංචිරාළ රත්නායක මහතා අද (5) පස්වරුවේ පැවසීය.
ගොවීන් වී කිලෝවක් සඳහා රුපියල් 130 ත් 140 ත් අතර මිලක් ඉල්ලා සිටි බවත් වර්තමාන ආණ්ඩුව පත්වීම් ලැබූ පළමු අස්වැන්න වීම නිසා මෙම අවස්ථාවේදී ආණ්ඩුව නියම කළ මිල අනුව කටයුතු කරන බවත් ඒ මහතා කීය.
වී පිළිබඳව මිල නියම කරන කෘෂිකර්ම අමාත්‍යංශය ඇතුළු සෙසු ආයතනවල නිලධාරීන්ට මිල සකස්කිරීම සම්බන්ධයෙන් අවබෝදයක් ගැනීම සඳහා කුඹුරට පැමිණෙන ලෙස ආරාධනා කරන බව කී පුංචිරාළ රත්නායක මහතා එසේ නොවුණ හොත් ලබන අස්වැන්නට ද ආණ්ඩුව මෙවැනිම මිලක් නියම කරනු ඇති බව ද සඳහන් කළේය.
වී මිල ප්‍රකාශයට පත්කරන අවස්ථාවේදී කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා ගොවි සංවිධානවලට තර්ජනාත්මක ප්‍රකාශයක් කළ බවත් වර්තමාන ආණ්ඩුව ගොවිජනතාව පත්කළ ආණ්ඩුවක් වීම නිසා එවැනි ප්‍රකාශවලින් වැළකී සිටින ලෙස ඇමතිවරයාට මතක් කරන බවත් රත්නායක මහතා කීය.
ගොවි සංවිධාන සහ දේශපාලන කණ්ඩායම්වලට අවශ්‍ය ආකාරයට කටයුතු නොකරන්නේ යැයි අමාත්‍යවරයා පැවසූ බව කී රත්නායක මහතා ගොවි සංවිධානය 19,000 කට අධික සංඛ්‍යාවක් රට තුළ ඇති අතර එම සංවිධාන ලියාපදිංචි සංවිධාන බව අමාත්‍යවරයාට මතක්කරන බව ද කීය.
වර්තමාන ආණ්ඩුව පත්කිරීමට ගොවීන් ලක්‍ෂ ගණනක් ඡන්දය දුන් බව ද අමාත්‍යවරයා එවැනි ප්‍රකාශ කිරීමට පෙර එය මතකයේ බාගත යුතු බව ද ඒ මහතා කීය.
COMMENTS
රට ගැන හිතා ලාල්කාන්තට සමාව දෙන්න. ඒක මේ ආණ්ඩුව පරද්දන්න අවියක් කර ගන්න එපා. අපි මේ ආණ්ඩුව හදා ගත්තේ හරි අමාරුවෙන්.
පුංචිරාළ මහතා අවබෝධ කරගත යුතු කරුණ නම් දැන් රට කරන්නේ ජවිපෙය බවයි. එම නිසයි, කඹුරුපිටියේ දී මාලිමාවකු "මේක අපේ ආණ්ඩුව යකෝ" යනුවෙන් විරුද්ධවාදීන්ට තර්ජනය කරන්නට පෙළඹුනේ. ඇමැති ලාල් කාන්ත මහතා ජවිපෙකරුවකු වශයෙන් ගොවි මහතුන්ට එවැනි ප්‍රකාශ නොකළොත් තමයි පුදුමය. වෛද්‍ය නලින්ද ජයතිස්ස, බිමල් රත්නායක, ජනාධිපති අනුර දිසානායක, වසන්ත සමරසිංහ වැනි මාලිමාන්ඩුවේ සිටින සියලු ජවිපෙ වාදීන් හැසිරෙන උද්දච්ච විලාසය විසින් පෙන්නුම් කරන්නේ මහින්ද, රනිල් වැනි නායකයින් සමග ගනුදෙනු කළ අන්දමට මේ අය සමග ගණුදෙන කළ නොහැකි බවයි.
වාහන මිල 600% වැඩිකළා... සේල් මාෆියාවට යට වෙලා, දැන් මෝල්ලුන්ගේ මාෆියාවට යට වෙලා වී මිල බස්සනවා මොල්ලුන්ට තුට්ටු දේකට වී ටික ඇදගන්න සලස්වන්න. දුප්පතාගේ ඡන්දයෙන් ඇවිත් දුප්පතාටම කෙලවපු ඉතිහාසේ ජරාම ආණ්ඩුවක් මේක.