(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු සේවිකාවකට ලිංගික හිංසන කළැයි කියන චෝදනාවට වැරදිකරු වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමට සූදානම් බව පොදුජන පෙරමුණේ මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ චෝදනාව නැඟූ හේශා විතානගේ මන්ත්‍රීවරයා වැරදිකරු වුවහොත් ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද රංජිත් බණ්ඩාර මහතා ඉල්ලා සිටියේය.
මේ ප්‍රශ්නය වරප්‍රසාද කමිටුවට යොමු කරන ලෙසද එය ප්‍රසාද කමිටුවේ දී විභාගය කරන ලෙසද රංජිත් බණ්ඩාර මහතා ඉල්ලා සිටියේය.
COMMENTS
අනේ රන්ජිත් උන්නැහේ ඔහේ දැන් අවුරුදු කීපයක ඉඳන් වලව්වේ රෙදි අපුල්ලපු හැටි රටම දන්නවා. කොහොමත් ඔහේ හිටියේ යට ඇඳුමින්... දැන් ඒකත් ගැලවිලා ඉවරයි. එනිසා දැන් ඉතින් අස්වුණත්, නැතත් වැඩක් නැහැ... කොහොමත් මේ ඔයාගේ අන්තිම පාර්ලිමේන්තු වාරය... මොකද ඊළඟ පාර ඔයාට ඇපත් නැහැ.
හැබැයි මැති ඇමැතිවරු පත් කරන්නේ පැටිකිරිය හොයලා නෙවෙයි. කොහොමද ඒක?
වැරදි කාරයා උනොත් හිරේ යන්න ඔන එකා ඉල්ලා අස්වෙලා හරියනවාද??
අනේ යන්න..!
මේ වගේ අය නිසා තමයි රටේත් විනයක් නැතිවෙලා තියෙන්නේ..!
මීට පස්සෙවත් හොඳට හිතට ගනිල්ලා ඔය අචාර්ය මහාචාර්ය කියලා කියපුගමන් හෙවිල්ලක් බැලිල්ලක් නැතිව මෙයා තමයි පොර කියලා ඡන්දෙ නොදෙන්න. මොකද දේශපාලනයේදී උගත් නූගත් කියන ඔක්කෝම එකවල්ලේ පොල් කියලා මැනවින් ඔප්පුවෙලා තියෙනවා. අර පාර්ලිමේන්තුවේ මිරිස්කුඩු ගහපුවෙලේ කතානායක අසුන වටකරගෙන හිටපු අය තාරේ ඔය කියන උගත්තුත් හිටියා. ඕන නම් නැවත ඒ දර්ශන බලන්න. එතකොට මගේ තර්කය පැහැදිලි වේවි. නමුත් ඇත්තටම මහත්වරු වගේ කටයුතු කරන උගත්තුත් නැතුවාම නොවේ...
වැරදි කාරයා වුනොත් අස් කරන්න දෙයක් නැහැ... රෙදි ගලවලා එළියට තල්ලු කරනවා. ගෙදර උන්දෑ ඉලපත අරන් එළවාවි...!
තමුන් දුරාචාරය පිලිබඳ මහාචාර්ය බව දැන් රටම දන්නවා හලෝ
හොරකම්, දුෂණ හොයන්න පත් කැතරගත්තු කට්ටිය මරු. ඔන්න ලංකාවේ අලුත් තත්වය.