
(අංජුල මහික වීරරත්න)
2024 වර්ෂයේදී ජාත්‍යන්තර පොල් ප්‍රජාවගේ 60 වන සැසිවාරය සහ අමාත්‍ය හමුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
විදේශ විනිමය ඉපයීම් වැඩිකර ගැනීම, සාමාජික රටවල් අතර ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය ප්‍රවර්ධන කිරීම සහ පොල් ක්‍ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර සහයෝගීතාවය වැඩිදියුණු කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස ජාත්‍යන්තර පොල් ප්‍රජාවගේ 60 වැනි සැසි වාරය සහ අමාත්‍ය හමුව මෙම වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට යෝජනා වී තිබේ.
ඒ අනුව පොල් සංවර්ධන අධිකාරිය විසින් උපයන ලද ආදායම් හා පොල් අංශයේ පෞද්ගලික ආයතන කිහිපයක දායකත්වයෙන් එකී සැසිවාරය සහ අමාත්‍ය හමුව මෙම වර්ෂයේ නොවැම්බර් මාසයේදී කොළඹදී පැවැත්වීම පිණිස කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
COMMENTS
අපරාදේ පිටරට තිබ්බා නම් රනිල්ටත් යන්න තිබුණා