IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


’’දැලි පිහියෙන් කිරි කන්න හදන අයවැයක්’’

(අමිල චින්තක ගමගේ)

මෙවර අයවැය දැලි පිහියෙන් කිරිකෑමට උත්සාහ කරන අයවැයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ  අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසීය.

අන්තිමට ජනතාවට  කිරිත් කෑමට නොහැකිව දිවත් කැපී කෙළවර වීමට ඉඩ තිබෙන බවද ඔහු සඳහන් කළේය.

මෙවර අයවැය රනිල් වික්‍රමසිංහ ගිය නව ලිබරල් පාරෙම ලංකාව තවදුරටත් ගෙන යෑමට උත්සාහ කිරීමක් බවද ඔහු කීය.

බදු ආදායම ඉපයීම සම්බන්ධව ආණ්ඩුවට යෝජනා 22ක්  තම පක්ෂය ඉදිරිපත් කළ බවත් ඒවා සැලකිල්ලට ගත් බවක් පෙනෙන්නට නැතැයිද ඔහුු කීය.

තම පක්‍ෂයේ යෝජනාව වූයේ බිලියන ගණන් ලාභ ලබන ධන කුවේරයන්ගෙන් විශේෂ බද්දක් අයකර ජනතාවට සහනදීමට කටයුතු කිරීම බවද පුබුදු ජයගොඩ සඳහන් කළේය.

එසේම බඳු පැහැර හැරී පුද්ගලයන්ගෙන් බදු අය කරන ලෙසද තම පක්ෂය  යෝජනා කළ බවද ඔහු කීය.

ආණ්ඩුවේ එකම අපේක්ෂාව වාහන ආනයනයෙන් බදු පවරා සල්ලි සෙවීම වුවත් එය සාර්ථක උත්සාහයක් නොවන බවද ඔහු සඳහන් කළේය.

රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධව ආණ්ඩුව යෝජනා කරන සමහර කරුණු පසුගිය ආණ්ඩුව කිරීමට උත්සාහ කර ජනතා විරෝධය හමුවේ කර ගැනීමට නොහැකි ඒවා බවද ඔහු කීය.

මෙවර අයවැය රනිල්ගේ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙනයාමක් බවද ඔහු සඳහන් කළේය.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 15000 කින් වැඩිවන බව පැවසුවත් එය වැඩිවන්නේ අවුරුදු තුනක් තිස්සේ බවද සැබෑවටම වැඩිවන ගණන 8250 ක් බවද ඔහු සඳහන් කළේය.

රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කිරීමෙන් පමණක් තිබෙන අර්බුදයට විසඳුම් නොලැබෙන බවද ඔහු සඳහන් කළේය.



අදහස් (14)

’’දැලි පිහියෙන් කිරි කන්න හදන අයවැයක්’’

Sara Monday, 17 February 2025 03:23 PM

ඔබලා මිනිස්සු පිළිගන්න කියලා... අනුන්ට මඩ ගහන්න එපා.

:       16       40

vatahuna Monday, 17 February 2025 03:25 PM

දිය යටින් ගින්දර ගෙනියන අය ලංකාවේ ඉන්නේ කකුල් දෙකෙන්ම අදින පාරම්පරික හොරු ඉන්දියාවෙන් පැන්නුවා කෙහෙල් කැන් කපන නිසා.

:       6       29

Kamal Koyrala Monday, 17 February 2025 03:37 PM

ඔබලා දුන් යෝජකා ජනගත කරන්න..දැලි පිහියෙන් කිරි කෑමත් අභියෝගයක් තමා අභීයෝග ජය ගත යුතුයි

:       9       36

karolis Monday, 17 February 2025 03:40 PM

දැන් ඉන්න අයත් බලය නැති කාලේ ඔය වගේ ලොකු කයිවාරු ගහ ගහ තමයි හිටියේ. බලය තියෙන කොට තමයි වැඩේ බරපතල කම තේරිලා ඇනගන්නේ. ඔය ගොල්ලොත් කිසි වෙනසක් නෑ එහෙමම තමයි.

:       30       19

මනෝජ් රණවක Monday, 17 February 2025 03:42 PM

දැලිපිහියෙන් ඔයා කපාගන්නේ නැතිව ඉන්න. ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව ඒක ලස්සනට කරයි.

:       18       51

Talagala Monday, 17 February 2025 04:08 PM

කුරුටුගාමීන්ට කෑගහනවා හැරෙන්ට කිසිවක් නෑ. වැඩ බැරි ටාසන්ලා

:       4       22

ගමේ එකාලා Monday, 17 February 2025 04:18 PM

පෙරටු ගාමියෝ කියන අයට මොනවා කළත්, පේන්නේම වැරැදි? මොලේ උඩ වෙන්ඩැති ඉන්නේ?

:       0       1

lakmal Monday, 17 February 2025 04:54 PM

ඔබලා රටට බරක්... වළක් කපාගෙන වැළලෙන්න තමයි වෙන්නේ...

:       0       12

ජයනාත් Monday, 17 February 2025 04:55 PM

මෙයාලා කියන දේවල් මිනිසුන් කොතරම් පිළිගන්නවාද යන්න මෙයාලා ගනිපු ඡන්ද ගණනින් පේනවා...

:       0       10

Chandima Monday, 17 February 2025 04:56 PM

මේවා කියනවාට ගාන ගෙවන්නේ මොන තානාපති කන්තෝරුවෙන්ද? කටු ලෙවකන එකත් මාර ඉල්ලමක් නේද?

:       0       10

පිටරටවැසියා Monday, 17 February 2025 05:01 PM

හරි දැන් ඔය කිව්වානේ, ආණ්ඩුව දැන් දැලි පිහිය පැත්තකට දාලා, කිරිකපන පිහිය අතට අරං කිරි කාවි...!

:       1       11

Ekanayake Monday, 17 February 2025 09:13 PM

උඹල වටේ දැලි පිහියෙන් අසුචි කනවට වඩා කිරි කන එක හොඳයිනේ බං

:       0       2

Shantha Tuesday, 18 February 2025 05:58 AM

අනේ පලයන් බන් යන්න

:       0       2

Sachintha Tuesday, 18 February 2025 11:41 AM

නුඹලාට එකම එක මංත්‍රී තනතුරක්වත් දෙන්න ජනතාව අකමැතිනම් මොකටද මිනිහෝ පක්ෂයක් අටවාගෙන බෙරිහන් දෙන්නෙ.ජනතාව කැමති අය රටේ පාලනේ කරනවා ඒකට බාධාවක් ජනතා මතය තේරුම්ගෙන වදකාරයෙක් නොවී පැත්තකට වෙලා දණිස්දෙක අස්සේ ඔලුව ගහගෙන බුදිය ගනින් බං.උඹටයි මටයි පුලුවන්ද බං ආණ්ඩුවක් කරන්න

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31089 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13230 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10947 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 40 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 879 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site