
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොළ මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩා වැටීමේ ගුවන් අනතුර සම්බන්ධ වාර්තාව මෙතෙක් පිටවී නැතැයි කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අනතුරට පත් ගුවන් යානය සම්බන්ධ වාර්තාව පමණක් ලැබී ඇති බව කී අමාත්‍යවරයා බිමල් රත්නායක අමාත්‍යවරයා අදාළ ප්‍රකාශය කර ඇත්තේ එම වාර්තාවෙන් හෙළිදරව් වන කරුණු අනුව බව නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
"ගුවන් යානය සම්බන්ධයෙන් වාර්තාව තමා ආවේ. ගුවන් අනතුර සම්බන්ධයෙන් වාර්තාව තාම ආවේ නෑ. ඒකට දින කිහිපයක් ගත වේවි. ගුවන් යානාවේ වාර්තාවෙන් හෙළිදරව් වෙන දේ තමා බිමල් රත්නායක අමාත්‍යවරයා කිව්වේ. අනතුර සම්බන්ධයෙන් මොකද්ද වෙන්න පුළුවන්, කාගේද අඩුපාඩුව ආදිය ගැන කරුණු කියන්න වෙන්නේ සමස්ත අනතුර ගැන වාර්තාව පිටවුණාට පස්සේ.ඒවාර්තාව ලැබුණට පස්සේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හෝ අදාළ බලධාරියෙක් කරුණු ඉදිරිපත් කරනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
මේ අපුරුවට වැඩ වර්ජනයක් කරගෙන, කඩාකප්පල්කාරී ක්‍රියාවක් කර ගෙන, විරෝධයක් පා ගෙන, විවේචනයක් කරගෙන, කා ගෙන් හරි කීයක් හරි කඩා ගෙන, ලොරි ටෝක්ස් දීගෙන හිටපු හාදයෝ රෑනකට දේශපාලන බලය සහ රට කිරීමට බලය දීල අමාරුවේ දාපු එක නම් වැරදියි ලංකාවේ ජහමනයින්.
හොරාට කළින් කෙසෙල්කැන වැට පැන්නාම, වටේ අයටත් වැඩක් නෑ. ඒවා ඇරෙන්න. අහන අහන හැම එකටම කට මැත දොඩවන්නේ නැතුව, ගිය වැඩේ කරගෙන එන්න බෑනේ අම්මපා. ආණ්ඩුවේ ඇමතියෙක් නේ... හොරකම් නොකරන එක ඇරෙන්න අනිත් වැඩ නම් වෙනසක් වෙලා නෑ වගේ...
ප්‍රවාහන ඇමැති ආරක්ෂක ඇමැතිගේ වැඩ කරන්න හදන්නේ බල්ලාගේ වැඩය බූරුවා කරා වගේ තමයි. සුනිල් වටගල නියෝජ්‍ය ඇමැති බූරුවා කිව්වේ වැරැදි මිනිහාට. නොදන්නා දෙමලෙට ගිහින් වරිගේ නහගත්තාලු. මදැයි උගත්, නැණවත් පිරිසකට රට බාර දුන්නා. රන්ජන් රාමනායක පාර්ලිමන්ට් ජෝක්ස් කියලා බයිස්කෝප් එකක් හැදුවේ නිකං නෙවෙයි. දැන්නේ ඒක පෙන්නන්නේ.
එහෙනම් කන්ටේනර් හොරා කිව්වේ යානාවේ දෝෂයක් නෑ කියලා?