
(ටී.කේ.ජී.කපිල )
‘අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් අතින් සිදු වූ වැරදි සහ ඔවුන් හරියට ක්‍රීඩා නොකළ නිසා මේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා. මම කණ්ඩායමේ නායකයා සහ ක්‍රීඩකයෙකු වශයෙන් ඒ පිළිබඳව ගොඩක් කණගාටු වෙනවා ‘ යැයි වනිදු හසරංග අද (19) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී පැවසීය .
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වනිදු හසරංග මෙසේ ද පැවසීය .
ක්‍රීඩකයින් විදිහට අපි දන්නවා අපි අතින් සිදු වූ වැරදි මොනවාද කියලා. අපි ක්‍රීඩකයෝ වශයෙන් හොදින් ක්‍රීඩා නොකළ නිසා , පිතිකරණය , පන්දු රැකීම සහ පන්දු යැවීම කණ්ඩායමක් වශයෙන් හොදින් සිදු නොකළ නිසා මේ ආකාරයට පරාජය වැළද ගැනීමට සිදු වු බව ද පැවසීය .
ඔවුන් වෙනදා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , සාමාන්‍ය මගී පර්යන්තය ඔස්සේ පිටතට පැමිණිය ද , අද ඒ වෙනුවට මුදල් ගෙවා පහසුකම් සළසා ගත යුතු " සිල්ක් රූට් " පර්යන්තය ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණීමට කටයුතු කර තිබුණි .
එහිදී " සිල්ක් රූට් " පර්යන්තයේ පහසුකම් සදහා එක් අයෙකුට ඇමෙරිකානු ඩොලර් 50 ක මුදලක් අය කරන අතර එම මුදල් ගෙවා මෙම පහසුකම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබා ගත් බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .


COMMENTS
ඊළඟ තරගාවලියේදීත් ඕකම තමයි කියන්න වෙන්නේ. ඒ නිසා ප්ලීස්, වගකීම බාරගෙන නායකත්වයෙන් ඉවත් වෙන්න...
ගියසැරේත් මේ කට්ටියම ලෝක කුසලනෙකට ගිහින් අන්තිම තැන අරන් ආවා, මේසැරේත් එහෙම්මමයි, එන සැරේත් මේ කට්ටියම යයි.., එතකොට ලෝක කුසලානයකට යන අත්දැකීම් බහුලම කණ්ඩායම වෙයි. හැබැයි ඒත් අන්තිම තැන තමයි අරන් එන්නේ..., මේ කට්ටිය හින්දා ඉතිහාසයේ පළවෙනි පාරට ලංකා කණ්ඩායමක් චැම්පියන් කුසලානෙට සුදුසුකම් ලැබුවේත් නැහැ..
කුකුළු චමින්දගෙන් බත් කටක් කාලම ඉදිරි පුහුණුවීම් පටන් ගන්න.
ක්‍රීඩකයින් හා තේරීම් කමිටුවල වැරැදි නිසා නෙවෙයිද?
සමහර වෙලාවට කියනවා..අපි උපරිමයෙන් කලා කියලා..කරන්න දෙයක් නෑ..දිනනවා පරදිනවා කියනවා..
ඇමරිකාවේ ඉන්න අපේ කොල්ලෝ දාලා මාලිමාවේ පෝස්ටර් අරගෙන මැච් බලන්න එවලත් ඔයාලට දිනන්න බෑ කියන්නේ ඉතින් චාර්ටම තමයි. ඊළඟ ඡන්දෙන් අපේ අනුර සහෝදරයා දිනුවාම ඔයාලත් උද්යෝගී වෙලා එයි. ඊට පස්සේ මැච් දිනයි හිටු කියලා...
නමක් තියන කණ්ඩායම් වලට ශ්‍රී ලංකා කණ්ඩායම බයයි
හරි හමන් පහසුකම් නැතුව ඇෆ්ඝනිස්ථානයේ ටීම් එක ඉන්න තැන දැක්කාම අපේ අය කවුද අප්පා?
ලංකා ක්‍රිකට්වලට පත්කළ අඥානම සහ සාමාන්‍ය දැනීම නැතිම නායකයෝ දෙදෙනා කුසල් සහ වනිඳු... මාධ්‍යයට සාර්ථකව උත්තර දෙන්න දැනුමවත් නෑ. රටේ අවාසනාව...!
ඇන්ඩෘෘ, AI කියන එක නොදන්නා කෙනෙක් වගේ, සමාජ මාධ්‍යවල පල් හෑලි එපා..