IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


’ගුවන්තොටට නවීන පී සී ආර් පරීක්ෂණාගාරයක් ’

( තිළිණි ද සිල්වා සහ ටී.කේ.ජී කපිල)

කටුනායක ගුවන්තොටුපළ ආශ්‍රිතව පිහිටුවන ලබන  නවීන පී.සී.ආර් පරීක්ෂණාගාරය ලබන 20 වැනිදා විවෘත කෙරෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී.

සංචාරක ව්‍යාපාරය නගාසිටුවීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ යටතේ පැයකට පී.සී.ආර් පරීක්ෂණ 500 බැගින්  දිනකට පී.සී.ආර් පරීක්ෂණ 7000ක්  මෙම පරීක්ෂණගාරය තුළ සිදුකිරීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (14) පෙරවරුවේ එම පරීක්ෂණාගාරය නිරීක්ෂණය කළ අතර මෙරටට පැමිණෙන සංචාරකයින්ට පැය තුනක් වැනි කෙටි කාලයක් තුළ  පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවක් නිකුත් කිරීම මෙමඟින් සිදුකෙරේ.

ඒ අනුව ගුවන්තොටුපළ ආශ්‍රිතව ඉදි කෙරුණු පී.සී.ආර් පරීක්ෂණාගාරයේ වාර්තාව අසාදිත නොවන බවට තහවුරු වන සහ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති සංචාරකයින්ට  බාධාවකින් තොරව ශ්‍රී ලංකාවේ නැරඹුම් ස්ථාන කරා යා හැකි බව සංචාරක අමාත්‍යවරයා කීය.

පී.සී.ආර් පරීක්ෂණාගාරය නිරීක්ෂණයට එක් වූ අමාත්‍යවරයා  එහිදී මෙසේ පැවසීය.

මේ පරීක්ෂණාගාරය වෙනුවෙන් සමාගමක් මෙහි ආයෝජනය කර තිබුනත් පරීක්ෂණාගාරයේ සම්පූර්ණ අයිතිය තියෙන්නෙ ගුවන් සේවා සහ ගුවන්තොටුපල සමාගමටයි. වසර දෙකක කළමණාකරන ගිවිසුමක් යටතේ පරික්ෂණාගාරය ක්‍රියාත්මක වෙනවා. මේ පරීක්ෂණාගාරය සංචාරකයින්ගෙන් මුදල් අය කරලා පී.සී.ආර් කරන්නෙ. ඩොලර් 40 ක මුදලක් අය කරන්න නියමිතයි. පහුගිය කාලේ අපි යුක්‍රේනයට ගියා. යුක්රේනයේ  ඩොලර් අනූවක් පී.සී.ආර් පරීක්ෂණයකට අය කරනවා. යුරෝපයේ  ඩොලර් 60 ක් අය කරනවා.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාත්මක වූ සාමාන්‍ය ක්‍රමවේදය ක්‍රියාත්මක වෙනවා. ඉදිරියේදී අවශ්‍ය නම් ශ්‍රී ලාංකිකයින් කැමතිනම් යම් මුදලක් නියම කරලා මේ පරීක්ෂනාගාරයෙන් පී.සී.ආර් කරගන්න අවස්ථාව හදන්න පුළුවන්.

පසුගිය දිනවල සහභාගි වූ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් වලදී ඒ රටවල සෞඛ්‍ය නීතිරීති ක්‍රියාත්මක වෙන ආකාරය අපි දැක්කා. රටක් විදිහට අපිට කොන් වෙන්න බැහැ. ඒ රටවල සංචාරකයින් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන සෞඛ්‍ය නීතිරීති සම්බන්ධයෙන් අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ අපි සාකච්ඡා කරනවා. දිනකට සංචාරකයින් 1500ක් කියන ඉලක්කය සපුරා ගැනීමට අපි උත්සාහ කරනවා " යි  පැවසීය



අදහස් (9)

’ගුවන්තොටට නවීන පී සී ආර් පරීක්ෂණාගාරයක් ’

mihira Tuesday, 14 September 2021 05:39 PM

උගත් නිලධාරීන් ඔය බඩ තඩියාට දෙකට නැමෙන්න එපා. එයා තව අවුරුදු 3ක් ගෙදර... ඔබලා දෙකට නැවි නැවී ඇඹරෙන්න එපා... ඒ නිසා...

:       9       36

widura Tuesday, 14 September 2021 06:10 PM

මේක මාර නීතියක්නේ .සුද්දන්ට එක නීතියක් .රටේ පුරවැසියන්ට තව නීතියක් .රට ඉඳලා එන මිනිස්සුන්ටත් ඔතනින්ම පී.සී.ආර් එකක් කරලා ගෙදර යන්න අපි ඉල්ලීම් කරන්න ඕනෙද ?ඒක නිකන්ම කරන්න ඕනේ නේ .මාර හතර බීරි කතා මේවා

:       6       29

බද්රානි Tuesday, 14 September 2021 06:16 PM

මහලොකු දේශප්‍රේමීන්ගෙන් රටේ සංචාරකයින්ට නම් ඕනෑවටත් වඩා පහසුකම් සපයනවා. පොකට් එකට යටින් වැටෙන ගාන අනුව තමයි වැඩපිළිවෙල? අනේ, පව් අර සිරි ලන්කන් කියන ජාතියට තමන්ගේ රටේදීවත් කිසිම ගෞරවයක් නැහැ. අපේ රටේ මහා උදවිය සල්ලි වලට, මොනවද නොකරන්නේ? කොහොමත් ඉතින් සුද්දන්ව රතු කාපට් දාලා පිළිඅරගෙන හිඟන ලාංකිකයින්ව පයින් ගහලා පිටරටකට පටවන එක තමයි සුදුසු... සිරි ලන්කන්ලා ලංකාවට ආවාම කොහෙට හරි ගාල් කරන එකත් වඩාත් සුදුසුයි...

:       6       31

de silva Tuesday, 14 September 2021 09:22 PM

පී සී ආර් කරන්න යුරෝපේ ඩොලර් 60?

:       2       8

Sriland Wednesday, 15 September 2021 02:56 AM

ඔය කරන්න හදන්නේ ලංකාවට එන සංචාරකයො ටිකත් නැති කරගන්න වැඩක්.

:       1       8

Nihal Wednesday, 15 September 2021 06:31 AM

මේකත් හරියට එංගලන්තය ඇතුලු යුරෝපයේ ආසියා ජාතිකයන්ට කළු සුදු භේදය නිසා කරන දුෂ්ටකම් වගේ

:       0       9

Ajith Fernando Wednesday, 15 September 2021 10:02 AM

ඉතින්,ලංකාවට එන සෑම විදේශ ශ්‍රමිකයන් හට මේතනින් (එයාපෝර්ට් ) එකෙන්ම පී.සී.ආර් ලබාදීම සිදු කරොත්, එලියට ගිහින් සිදුකරන පී.සී.ආර් එකට ගෙවන මුදල කෙලින්ම රජයට ලබාගන්න පුළුවන් නේද.නෙගටිව් වන අයවලුන් නිවසේ නිරෝධායනය , යවන්න ලෑස්ති කරලා. පොසිටිව් වන අයවලුන් රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත,හෝ කැමති අයලුවන් හොටල් නිරොධායනයට යොමු කරන්න කඩිනම් පියවර ගතහොත් එය රජයටද,සෑම විදේශ ශ්‍රමිකයන් හටද සහනයක් වනු ඇතැයි මම සිතමි. මොකද, එයාපෝර්ට් එකේ පැය 3,4, ක් පරක්කු වන එක එන විදේශ ශ්‍රමිකයන් හට දරා ගන්න පුළුවන් වේවී කියා මම විශ්වාස කරනවා.ඒ මන්ද, විදේශ ශ්‍රමිකයන් අයුතු ලෙස මුදල් ගසා කන විවිධ පුද්ගලයන් හා විවිධාකාර හොටෙල් පද්ධතිය එවා නවකතා දැමිය යුතුය. රජයේ බලධාරීන් මේ ගැන වැඩි අවධානයක් යොමු කොට අවැසි ඉදිරි කටයුතු සකසා දෙන මෙන් ිදේශ ශ්‍රමිකයෙකු වන මා තරයේ ඉල්ලා සිටිමු

:       0       2

de silva Wednesday, 15 September 2021 12:51 PM

හොද දෙයක්

:       0       0

de silva Wednesday, 15 September 2021 12:53 PM

පී සී ආර් ඒකකට රුපියල්වලින් මිල නියම කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 26779 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18167 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10872 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 623 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 182 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 841 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site