(නිමල කොඩිතුවක්කු)
කොරෝනා වයිරසයෙන් පසුව ඇඳිරි නීතිය පනවා තිබූ කාල සීමාවේදී ජල සහ විදුලි පාරිභෝගිකයන්ට ලබා දී ඇති අසාධාරණ බිල්පත් අගෝස්තු පස්වන දා පිහිටුවන නව රජය යටතේ නිවැරදි කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා කොළඹදී පැවසීය.
අසාධාරණ මිල ගණන් යටතේ ලබා දී ඇති බිල්පත් මෙතෙක් නො ගෙවා ඇත්නම් එම මුදල් නොගෙවා සිටින ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද ඔහු සඳහන් කළේය.
සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලයේ අද(18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
බිල්පත් ගණනය කිරීම පිළිබඳ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් තමන් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ලිඛිතව පැමිණිලි කළ බවත් එම වැරදි නිවැරදි කිරීමට කොමිෂන් සභාව ලිඛිත උපදෙස් ලබා දුන්නත් මෙතෙක් එම වැරදි නිවැරදි වී නොමැති බවද ඔහු සඳහන් කළේය.
කොරෝනා වයිරසය හේතුවෙන් අන්ත අසරණ වී සිටින ජනතාවගෙන් අසාධාරණ ලෙස ජල සහ විදුලි බිල් පත් අය කිරීම කනගාටුදායක බවත් සමගි ජනබලවේගයේ රජයක් තුළින් එම සියලු ගැටළු නිවැරදි කිරීමට කටයුතු කරන බවත් අජිත් පී පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
566
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
280
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1083
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’අසාධාරණ ජල සහ විදුලි බිල්පත් අගෝස්තු පහ පිහිටුවන නව රජයක් තුළින් නිවැරදි කරනවා’