
(ජේ ඒ එල් ජයසිංහ)
මේ රටට සතුටු දැයක් නිර්මාණය කිරීමට මේ රටේ ජනතාවට සතුටින් ජීවත් වීමට හැකි වාතාවරණයක් උදා කර දීම ආදරය සෙනෙහස ලබා දීම අපේ අරමුණ යැයි සර්ව ජන බල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක දිලීත් ජයවීර මහතා මහනුවර සහශ්‍ර උයනේ අද (17) පැවති මහා ජන හමුව අමතා ප්‍රකාශ කළේය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ දීලීත් ජයවීර මහතා මෙසේද කීය.
මම කවදාවත් දේශපාළනයට එන්න අදහස් කලේ නැහැ. ඒත් මට හිතුණා මගේ රටේ ජනතාව සතුටින් ආදරයෙන් සැමදා ජීවත් විය යුතුයි කියල .රටට සතුටු පවුලක් නිර්මාණය කිරීම මගේ අරමුණයි. මේ සම්ප්‍රදාය දේශපාළනය තුලින් මේ රටේ ජනතාවට යහපතක් උදාවුණේ නැහැ කියල මට හිතෙනව.හැමදාම ජනතාව අපේක්ෂා කළ දේ නොවෙයි ඉටුවුණේ දේශපාලකයන්ගේ බලාපොරොත්තු පමණයි ඉටුවුණේ.
අපේ රටේ ජනතාවගේ පවුලක ආදායම මේ 21 දායින් පසු අපේ ආණ්ඩුවක් යටතේ වසරකට ලක්ෂයක් දක්වා වැඩිවන වැඩ පිලිවෙලක් ආරම්භ කරනවා.
අපේ පක්ෂයේ අරමුණ අපේ රටෙි තරුණ තරුණියන්ට ඈත රටකට නොගොස් මෙරටේම රැඳී රැකියාවක් කරන තත්ත්වයට ඔවුන්ගේ ජීවන මාර්ගය සලසා දීමයි. ව්‍යවසාත්වක රාජ්‍යයක් ඇතිකිරීම අපේ අරමුණයි. ඒ සඳහා ආණ්ඩුව සහායක් ලබාදෙන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනව.මේ රටෙි කාන්තාවට ව්‍යවසායකත්ව සංවර්ධනයක් උදාකර දීම අපේ අරමුණයි.
අපේ රටේ මොන්ටිසෝරි ගුරුතුමියට කාන්තා ගෘහ සේවිකාවට සතුටුදායක වැටුපක් ලබාගත හැකි ක්‍රමවෙිදයක් අපේ රජයක් යටතේ ඇති කරනව.මට ඕනෑ තරම් ධනය බලය තියනව මම දේශපාළනයට එන්නේ මේ රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන් . ගන්න 21 පැන්සල අතට ඡන්ද මධ්‍යස්ථානයට ගිහින් ගහන්න තරුවට කතිරය තමන්ගේ රට තමන්ගේ නූපන් දරුවා වෙනුවෙන්අ පි අපේ හදවතේ ප්‍රකාශනයයි මේ ඉදිරිපත් කරන්නේ වෙනස් කරමු මේ රට හදමු මේ රට.
වෛද්‍ය ජී වීරසිංහ ,හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් නීතීඥ තුෂාරි ගංඟේ කුලරත්න යන මහත්ම මහත්මිහූ මෙහිදී කතා කළහ

COMMENTS
ඇත්තම කියනවා නම්, මෙතුමා මේ රටේ ජනාධිපති වුණා නම්, අපිට නයි නැටුම් නොමිලේම නරඹා කොච්චර ජොලියෙන් ඉන්න පුලුවන්ද..? අඩු ගානට ඇන්ටිජන් ටෙස්ට් එකකුත් කර ගන්න පුළුවන්... පිස්සු නැත්නම් ෂෝක් අප්පා!!
මගෙ රස්සාව නයි නටවන එක. මටත් ඔබතුමාගෙන් නයි දෙතුන් දෙනෙක් ඕනෑ...
අදහස් ඉදිරිපත් කරන්න ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීම හොඳයි... ඒත් පාර්ලිමේන්තුව සඳහා පිරිසක් නැතුව ජනාධිපති තනතුර කරන්න කාටවත් බැහැ... දැනට ඉදිරිපත්වෙලා ඉන්න වත්මන් ජනාධිපතිතුමාටත් සජිත්ටත්, නාමල්ටත් අනුගාමිකයන් පිරිසක් ඉන්නවා. අනෙක් සියලු දෙනාටම ප්‍රමාණවත් පිරිසක් නැහැ. ඒ ගැන ජනතාව සලකා බලා තීරණයක් නොගත්තොත් රට බරපතල ආකාරයට අගාධයට වැටෙනවා. උදාහරණයක් ලෙසට රටේ ජනතාව නොදන්නා පිරිස් ජනාධිපති තනතුර සඳහා ඉදිරිපත් වීමේදී හිටපු සමාගමක සභාපති, ජනාධිපති අපේක්ෂකයෙක් ලෙසට ප්‍රචාරක කටයුතු කරන්න යද්දී පොලිසියෙන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වීමත් බත්තරමුල්ලේ හිමිට පොලිස් නිලධාරි කෙනෙක් සිටිද්දී තර්ජනය කළා කීමත් පෙන්වා දෙන්න පුළුවන්... එයිනුත් පේන්නේ රට තොට නොදන්නෙක් වීමත් ප්‍රසිද්ධ අනුගාමිකයන් පිරිසක් නැතුව ඉදිරිපත් වීම නිෂ්ප්‍රයෝජන බවක් පෙන්වාදීමක් බව කියන්න පුළුවන්...!
සිහින මවන්නැති අහස උසට තනියම... ළංවෙන්න, වෙන්න, වෙන්න ජනපති සිහිනෙට දුර...
ගයන්සිකා, එතකොට පාර්ලිමේන්තු බලයක් නැති අයට ජනාධිපති වෙන්න බැරිද?
මැරෙන්න ඉන්න මිනිස්සුන්ට සහන මිලට දෙන්න පුළුවන් කම තිබුණ ඇන්ටිජන් පරීක්ෂන කට්ටල් වලින් හොරා කාලද සතුටින් ඉන්න පුළුවන් රටක හදන්නේ?
රොටියක් කාලා පැත්තකට වෙලා හිටපන් හොර තක්කඩියා