(අංජුල මහික වීරරත්න)
ජනතාවගේ ජීවිත රැක ගැනීම අත්‍යවශ්‍ය සේවයක් බව හොඳින්ම දැන කටයුතු කරන සෞඛ්‍ය සේවකයන් බිය වැද්දීම සඳහා "ගැසට්" ගැසීම වැනි බොළඳ ක්‍රියා නොකර වසංගතය පාලනය කරන්නට බැරි නම් ඉල්ලා අස් වෙන්නැයි එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
අනුරාධපුර යුගයේ ගෝඨාභය රජ කාලය මෙන්ම වර්තමාන පාලනය ද ජනතාව පීඩාවට පත් කරමින් සිටින බව කී රංගේ බණ්ඩාර මහතා මෙි අවස්ථාවේ රට ගොඩනගන්නට ලෝකය පිළිගත් පළපුරුදු නායකයා සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ පමණක් බවද සඳහන් කළේය.
"සිරිසඟබෝ රජුගෙන් අනතුරුව අනුරාධපුර යුගයේ මේ රට පත් වූ අභාග්‍යසම්පන්නම රජු වන්නේ ගෝඨාභය රජතුමායි. මේ ගෝඨාභය රජුගේ කාලපරිච්ඡේදය තුළ රටේ දුර්භික්ෂ හා වසංගත ඇති වුණා. අසාධාරණය රජ වුණා. අධාර්මික පාලන යුගයක් ඇතිවුණා. දූෂණය ඉහවහා ගියා. එමෙන්ම මිනිසුන්ගේ සිත් දූෂණය වුණා. රටේ ව්‍යාකූල තත්ත්වයක් ඇති වුණා. සිරිසඟබෝ රජුගේ හිස ගෙනත් දෙන්නැයි කළ නියෝගය අනුව නොයෙක් අය එකිනෙකා මරා හිස් ගෙනෙන්නට පටන් ගත්තා. එමගින් මුදල් උපයන්න උත්සහ කළා. ඉතිහාසයේ ගෝඨාභය යුගයේ අපට මුහුණ දෙන්නට වූයේත් මෙවැනි ව්‍යාකූල යුගයකටයි"යනුවෙන්ද වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය ඇමතූ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අම්මපා පුත්තලම් බූරුවන්ගේ සද්දේ...!!!
අනේ පව් අනේ මෙයා...!!!
අපිට දුන්නොත් කරන්නම්නේ... තට්ටු මාරුවට රට කාපු අය...
ඈ රංගේ, ඔහේගේ මේ විහිලුවලට අපි කොයි පැත්තෙන්ද හිනාවෙන්න ඕනෑ?
අවස්ථාවාදී... බොරදියේ මාලු බාන්න හදන කලාව.. වැරැදි කියන්න විදිහක් තියෙනවා. ඒත් මෙහෙම නොවේ..
ඇත්තට... මෙන්න රට කරන්න පුළුවන් එක්කෙනෙක්.. අනේ මේ පැත්තකට වෙලා ඉන්නවද?
පුළුවන්නම් අරන් කරන්න.. අපිත් සහයෝගය දෙනවා. හැබැයි දේශීය වෛද්‍ය ක්‍රමයට රට කරන්න පුළුවන්. රට ලොක්ඩවුන් කරන්න බැහැ... මිනිස්සුන්ට නිදහසේ වැඩ කරන්න ඉඩදෙන්න ඕනේ...
යහපාලනේ රට අච්චර වනසපු වෙලේත් ඔහෙලා ඉල්ලා අස් වුනාද?
ඔබ ප්‍රකාශ කරන ආකාරයටම පාලකයා 100%ක් අසමත් වී ඇත. හැකි ඉක්මණින් ඔහුගේ සමීපතමයින්ගේ ඉතිරි නඩු විභාගද අවසන් කර ගෙන (නිදහස් කරගෙන) හෝ ඉල්ලා අස්වීම රටට කරන ලොකුම සේවයයි. කෙසේවෙතත් තම හිතවතුන් මඟින් වංචා සිදු කරන ලද එජාප නායකයාද කිසිසේත් රටේ පාලකයා වීමට සුදුුසු නැත...
ඇයි ආයේ ඔයා රට බාරගන්නද ? දොඩවන්නේ නැ.ුව ගිහින් නිදාගන්න
අම්මේ...!!! කටට කෙළත් උණනවා.
අස්වෙලා ‘එයාලට දෙන්නද කියන්නේ
රට කරන්න බැරි නම් ඉල්ලා අස් වෙන්න, මේ කවුද මොනවද කියවන්නේ ? . රනිල් නායක තුමා නිසා බේරිලා ඉන්නවා රටේ ජනතව ඉදිරි මැතිවරණයේදී පාර්ලිමේන්තුවට පත් කරගනු ලබන්නේ අති බහු තරයක් නවකයන් මිස දේශපාලනය වියාපාරයකයන වන ඔබල නම් නොවේ. අනාගතයේ රට බර ගනු ලබන්නේ අවංක රටට වෙනසක් සිදු විය යුතු බව සහ සිදු කිරීම අරමුණ කරගත් පිරිසක් පිරිසක් වේ මේවන විට රට තුල පසු බිම සැකස වෙමින් තිබෙනුයේ ඒ සදහා වේ. රටට වෙනසක් කිරීමට ලැබී තිබෙන හොදම මෙන්ම විරල අවස්ථවකි. ඒ සදහා රටේ සිටින උගත් බුද්දිමත් වැදගත් නායකයන් කිහිප දෙනා ඔවුන්ගේ හදවතින්ම වෙනසක් සදහා සහ යෝගය ලබා දෙනු ඇත. එය සිදුවිය යුතුම කාරණයකි. රටේ ජනතවට උවද යථාර්තය අවබෝද විය යුතුවේ. එවිට සබැ දේශපාලන වෙනසක රට තුල සිදුකල හැකිය
අපි දැක්කා අවුරුදු 4 ක් රටකරපු හැටි... වොඩ්කා වතුර කළේත් ඔයගොල්ලනේ...!!!
ඉතාමත්ම සාධාරණ යෝජනාවක්... අප මුන්දෑගේ අදහස් අගය කරන්නෙමු. එලෙස විපක්ෂයේ ඉන්න ලොන්ත බූරුවන්ටත් අපේ මේ පුත්තලම් සත්වයාගේ එම යෝජනාව 100%ක් වලංගුය.. "මක්නිසාදයත් විපක්ෂ පට්ටියේ ඉන්න ලොන්ත බූරුවන් විපක්ෂයේ කාර්යභාරය කුමක්දවත් නොදන්නා ගොන් තකතීරුවන් වීම හා ලෝකයෙන් අපේ රට පමණක්ම මෙවන් අය විපක්ෂයේ සිටීම කණගාටුවකි.".
අනේ රාළහාමි... ඔයාලගේ නායකයා බස්එකේ නැගලා ගියාට බස්එක එක දවසක්වත් එළවලා නැහැනේ. ටික දවසක් කොන්දොස්තර වැඩේනම් කළා. එයාට සුක්කානම දුන්නොත් අපි ඔක්කොටම මැරෙන්න තමයි වෙන්නේ.
මෙතන අදහස් කියවෙද්දී තමයි මතක් වෙන්නේ ලංකාවේ මිනිස්සු නම් හදන්නම බැරි ජාතියක්...
පව් අනේ මෙයාලා...!!!
එකක් අනුමත කරනවා යහපාලනයට වඩා නම් සර්ගේ පාලනය ෆේල්...