(නිමල කොඩිතුවක්කු)

රජයට ඇත්තේ ඩොලර් ප්‍රශ්නයක් බැවින් බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු පැමිණීමෙන් එය නොවිසදෙන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමෙන් පමණක් මෙම ගැටලු විසඳා ගත හැකි බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

රටේ ජනතාවගෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙනුත් රජය අපකීර්තියට පත්වීම රට බංකොලොත් වීමට හේතු වී ඇතැයි ද කිරිඇල්ල මහතා සඳහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.