IMG-LOGO

2025 ජනවාරි මස 20 වන සඳුදා


‘‘ජනපති අනුර රනිල්ගේ ගිවිසුම ක්‍රියාත්මක කරනවා‘‘

(නිමල කොඩිතුවක්කු)

වත්මන් රජය ජනවරමට පිටුපා අයිඑම්එෆ් ගිවිසුම ගැන ජනතාවට දුන් පොරොන්දු අමතක කර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රජය ක්‍රියාත්මක කළ ගිවිසුමම තවදුරටත් ක්‍රියාත්මක කරනවා යැයි - සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂයේ සිටි කාලයේ අයි.එම්එෆ් ගිවිසුමේ ඇති අඩුපාඩුකම් ගැන කතා කර ඒවා නිවැරදි කර නව ගිවිසුමකට යොමුවෙනවා කිව්වත් බලය ලැබුණු පසු ඒ පොරොන්දු කඩකරමින් සිදු කළ මෙම ක්‍රියාව බරපතල පාවාදීමක් බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතාගේ මූලිකත්වයෙන් මීගමුවේ පැවැති ජනහමුවක් අමතමිනි.

එදා ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියේ ණය තිරසරණකරණ ගිවිසුමකට ප්‍රවේශ වී නව වැඩපිළිවෙළකට යන බව වුවත් දිනපු ගමන් කියපු දේ අමතක කර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රජය එකඟ වූ රටට අවාසිදායක ගිවිසුමකට යාම බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

මේ ගිවිසුම හරහා අවසානයේ ගෙවන්න ඇති ණය කප්පාදු වනවා වෙනුවට අමතර ඇ. ඩොලර් බිලියන 2.3ක ණයක් ද ගෙවීමට සිදුවන බවත් විපක්ෂනායකවරයා පැවසීය.

රටක් ලෙස අවාසිදායක ගිවිසුමකට නොයා පාර්ලිමේන්තුවේ මතය මේ සම්බන්දයෙන් ප්‍රථමයෙන් සොයා බැලිය යුතු බවත් ලංකාවට අවාසිදායක ගිවිසුමකට නොයා යුතු බවත් ඔහු සඳහන් කළේය.

රටේ ණයබරතාව වැඩිවන විට සෞඛය අධ්‍යාපන කෘෂිකර්ම ධීවර ක්ෂේත්‍රවල ගැටලු රැසක් ඇතිවන බවත් මේ ගැන ජනතාව අවබෝධයෙන් සිටිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.



අදහස් (11)

‘‘ජනපති අනුර රනිල්ගේ ගිවිසුම ක්‍රියාත්මක කරනවා‘‘

Mohamed Monday, 09 December 2024 05:51 PM

අම්මෝ බූරු පුතාගේ කතා අහන්න අහපු හරක් සෙට් එක...

:       6       54

NimalWednesday, 11 December 2024 06:54 PM

සජිත් අනුරට බනිනවා, අනුර රනිල්ට බනිනවා, හසල් පොල් මිල අධිකයි. මැතිවරණ සමයේ එක අත්සනින් කළහැකි බව පැවසු අනෙකුත් පොරොන්දු ආණ්ඩුව කල් දානවා.

:       1       2

ravin Monday, 09 December 2024 07:11 PM

පොඩි බබෙක් වගේ දොඩවන්නේ නැතිව පොඩ්ඩක් හිතලා බලන්න.යම් ගිවිසුමක් අත්සන් කළ පසු එය ඒකපාර්ශිකව වෙනස් කළ නොහැක. එක් පාර්ශවයක් ගිවිසුමක් වෙනස් කළොත් අනෙක් පාර්ශවය ඊට වන්දි ගෙවිය යුතුවේ. කරුණාකර නිසි උපදෙස් ගන්න. උදාහරණයක් ලෙස පසුගිය දිනවල අවලංගු කළ එයාර් බස් ගිවිසුම...

:       4       47

Saththaya Monday, 09 December 2024 09:27 PM

මොන පුතාණෝද කියලා නම වැටුනේ නිකම්ම නෙමේ. ඒක නියමෙට ගැලපෙනවා...

:       0       1

pj Tuesday, 10 December 2024 04:22 AM

ඔහේ ආවත් කරන්න වෙන්නේ ඒකම තමයි.

:       0       2

Willows Drive Tuesday, 10 December 2024 07:13 AM

හලෝ අනුන්ට උපදෙස් දෙන්න කලින් නායකකම ආරක්ෂා කරගන්න බලන්න. ජාල 4 පුරවපු දාට සජබේ කෑලිවලට.... හාහාහා...

:       0       1

sam Tuesday, 10 December 2024 07:20 AM

එහෙමවත් කියලා, විරුද්ධ පක්ෂ නායක කම බේරාගන්න මචෝ...!

:       0       1

විදුර Tuesday, 10 December 2024 07:23 AM

කමක් නෑ, ගෝඨාභය පෝර නතර කළා වගේ එකපාරටම සිස්ටම් චේන්ජ් කරන්න බැහැනේ සජිත් මාමේ...!

:       0       1

antonyto Tissera Friday, 13 December 2024 09:37 AM

කාගේ උණත් යෝග්‍ය ගිවිසුම සැලසුම් ක්‍රියාත්මක කළාට කමක් නෑ රජය මුදල් දේපල අවභාවිතා කරන්නේ නැත්නම්

:       0       3

antonyto Tissera Friday, 13 December 2024 09:38 AM

කාගේ වුණත් යෝග්‍ය සැලසුම් ක්‍රියාත්මක කලාට කමක් නැ රජයේ මුදල් අවභාවිතා කරන්නේ නැතුව

:       0       2

Kamal Koyrala Monday, 16 December 2024 05:44 PM

NNP මේ කතාව සම්බන්ධයෙන් විපක්ෂ නායකතුමා විවාදයකට කැඳවන්න සූදානම්...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

අල්ලස් ගත් සීවලී විදුහලේ විදුහල්පති රිමාන්ඩ්
2025 ජනවාරි මස 20 6 0

බණ්ඩාරවෙලා සීවලී මහා විද්‍යාලයේ පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා වැලි කියුබ් එකක් සහ සිමෙන්ති කොට්ට දහයක් ඉල්ලා රුපියල් දහ අටදාස් පන්සියයක මුදලක්


අග්‍රාමාත්‍යවරිය චීන අලුත් අවුරුදු සැමරුම
2025 ජනවාරි මස 20 64 0

මහජන චීන සමූහාණ්ඩුවේ අලුත් අවුරුද්ද සැමරීමට සමගාමීව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හා චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය එක්ව චීන අලුත් අවුරුදු උ


ආණ්ඩුවේ ආයතන රටට බරක් කරන්නේ නෑ
2025 ජනවාරි මස 20 102 0

රජය සතු ආයතන රජයට බරක් ලෙස නොව රටට ඵලදායී අත්‍යවශම ආයතන ලෙස පවත්වාගෙන යාමට කටයුතු කිරීම රජයේ අරමුණ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස


යෝජිත වයඹ ආණ්ඩුකාර කාර්යාලයේ කෝටි ගණනක යකඩ දිරයි
2025 ජනවාරි මස 20 149 0

වයඹ පළාත් සභා සංකීර්ණය ඉදිරිපිට ආණ්ඩුකාර කාර්ලයක් ඉදි කිරීම සඳහා මිලියන 294 මුදලක් වැයකර බාගෙට ඉදිකර ඇති ගොඩනැගිල්ල විනාශ වෙමින් පවතින බව සේවකයෝ පවසති.


වික්ටර් අයිවන් සමු දෙයි
2025 ජනවාරි මස 20 332 0

කෘතහස්ත මාධ්‍යවේදීයකු මෙන්ම දේශපාලන විශ්ලේෂකයකු වූ අභාවප්‍රාප්ත වික්ටර් අයිවන් මහතාගේ අවසන් කටයුතු විශාල පිරිසකගේ සෝ සුසුම්න් මැද දඩල්ල ආදාහනාගාර


මහවැලි ගඟේ ගසාන ආ සද්ධන්තයා
2025 ජනවාරි මස 20 446 0

මහවැලි ගඟේ ගස් සැඩ පහරට ගසාගෙන ආ වන අලියකු මනම්පිටියේ පාලම අසලින් ගොඩගෙන ඒ අසල රක්ෂිතයට පලවා හැරීමට එහි සිටි ආරක්ෂක අංශ නිලධාරීහු අද දහවල් කටයුතු කළහ.


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 394 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 609 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 332 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site